සයිමන් හේවාවිතාරණ සහ සෝමාවතී හේවාවිතාරණ භාරයන්



සයිමන් හේවාවිතාරණ භාරය

අනගාරික ධර්මපාලයන්ගේ බාල සොහොයුරා වූ සයිමන් හේවාවිතාරණ තම දේපල සියල්ලම බෞද්ධ අධ්‍යාපන ව්‍යාපාරය උදෙසා පරිත්‍යාග කරන ලදී. ඒ අනුව ත‍්‍රිපිටකය මහජනතාවට සහ විහාරවලට ලබා දෙන ලදී. බෞද්ධ භික්‍ෂූන් සඳහා ආවාස තැනවීමටත් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමටත් බෞද්ධ ධර්මය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ඇති කිරීමටත් බෙහෙවින් උපකාරී විය. පාලි විනය සිංහලට පෙරලීමට ඔහු විසින් ලබා දුන් පරිත්‍යාගයන් මිණිය නොහැකි බව නූතන විද්වතුන් ප‍්‍රකාශ කර ඇත.

සයිමන් හේවාවිතාරණගේ අන්තිම කැමති පත‍්‍රයේ සඳහන් වූ දෑ ක‍්‍රියාවට නැංවීමට ඔහුගේ සොයුරු චාර්ල්ස්, මස්සිනා වූ ජේකබ් මුණසිංහ සහ බෑණා වූ කුමාරදාස මුණසිංහ නිරත වූ අතර එවකට විද්‍යෝදය පිරිවෙනේද භාරකරුවන් වූ ඔවුහු පාලි විවරණයන් සිංහලෙන් ග‍්‍රන්ථාරූඪ කිරීමේ කර්ත්‍යවයේද මුල් තැන දැරූහ. පරමත්ත දීපනී හෝ පේතවත්තු පිළිබඳ වියරණයද විය. ඒවා සංස්කරණය කරන ලද්දේ සිරි ධම්මාරාම තිස්ස නායක ස්වාමීන් වහන්සේ සහ විද්‍යෝදය පෙරදිග භාෂා විද්‍යාලයේ විදුහල්පතිගේ සහයක වූ මාපලගම චන්ද්‍රජෝති හිමියන් ද විසිනි. පානදුරේ සිරි සද්ධම්මෝදය පිරිවෙනෙහි උප විදුහල්පති පමුණුවේ බුද්ධදත්ත හිමියන් විසින් සංස්කරණය කරන ලද විශුද්ධිමග ද විය මෙම කෘතීන් පළමුවරට මුද්‍රණය කර බෙදාහැරීම සිදුවිය

අද දක්වා මෙම භාරයන් දෙකම මහත් කැපවීමෙන් ධර්මදූත කටයුතුවල නියැලෙමින් සයිමන් සහ සෝමාවතී හේවා විතාරණයන්ගේ දර්ශනය ඒ අයුරෙන්ම ක‍්‍රියාවට නැගමින් සිටිති.

Publications by the Simon Hewavitarne Trust which were overseen by his brother Dr Charles Hewavitarne, and nephew Srinath Moonesinghe

සයිමන් හේවාවිතාරණ භාරකාර මණ්ඩලය සැදුම් වන්නේ:



සෝමාවතී හේවාවිතාරණ භාරය

සයිමන් හේවාවිතාරණගේ වැන්දඹු බිරිඳ වූ සෝමාවතී හේවාවිතාරණ විසින් සෝමාවතී හේවා විතාරණ භාරය ආරම්භ කරන ලදී. 1982 ඇයගේ මරණයට පෙරාතුව මෙම භාරය අරඹන ලද්දේ තම ස්වාමියා විසින් කරන්නට යෙදුන පරිත්‍යාගශීලී ක‍්‍රියාවන් තව දුරටත් ගෙන යාමටය.



ත්‍රිපිටක ප්‍රකාශණ මිළදී ගැනීම සදහා

සෝමාවතී හේවාවිතාරණ භාරකාර මණ්ඩලය සැදුම් වන්නේ:

සෝමාවතී හේවාවිතාරණ භාරකාර මණ්ඩලයේ හිටපු සාමාජිකයන්: