අනගාරික ධර්මපාලයන්ගේ දිනපොත් සහ සටහන් පොත්



අනගාරික ධර්මපාලයන්ගේ දිනපොත් සහ සටහන් පොත්

විශිෂ්ට ගනයේ ලේඛකයෙකු කතුවරයෙකු ප‍්‍රකාශකයෙකු සහ දක්‍ෂ කථිකයෙකු ලෙස තම මව් බස වූ සිංහල සහ ඉංග‍්‍රීසි බසද මැනවින් හසුරුවමින් පත‍්‍රිකා, දිනපොත්වල යෙ¥ සටහන් ලිපි පුවත්පත්වල පළවූ ලිපි, සහ දේශනයන් එක්කොට විශිෂ්ට ලේඛන එකතුවක් අනගාරික ධර්මපාලයන් විසින් එළි දක්වා ඇත. මේවායින් බොහොමයක් මහජනයාට ප‍්‍රවේශ විය හැකි අයුරෙන් මැනවින් සුරක්ෂිත කොට ඇත.

අනගාරික ධර්මපාලයන් තම ජීවිතයේ වැඩිහිටි අවධියේදී දිනපොත් සහ සටහන් පොත් බෙහෙවින් පරිහරණය කර ඇත. මේවායින් බොහොමයක් ශත වර්ෂයකට අධික කාලයක් මැනවින් ආරක්‍ෂිත වී ඇත. මුල් අවධියේ අතින් සටහන් යෙ¥ දිනපොත් අනගාරික ධර්මපාල භාරය විසින් ජාතික ලේඛනාගාරය වෙත ප‍්‍රදානය කර ඇත. ඔහුගේ සටහන් පොත් සාරාණාත් හි ධර්මපාල කෞතුකාගාරයේ තබා ඇත.

අනගාරික ධර්මපාල භාරය විසින් පිටපත් කරන ලද 1889 සිට 1927 වසර දක්වා වූ කාලයට අදාළ වෙළුම් වශයෙන් බඳින ලද දින පොත් 24ක් අනගාරික ධම්මපාල භාරය සතු කොළඹ පිහිටි කාර්යාලයේ පුස්තකාලයේ තබා ඇත.

img