භාරය



සභාපතිතුමාගේ පණිවිඩය

යටත් විජිත යුගයේ බෞද්ධ ධර්ම ප‍්‍රචාරකයකු සමාජ ක‍්‍රියාකාරියෙකු හා ප‍්‍රතිසංස්කරණවාදියෙකු ලෙස අනගාරික ධර්මපාලයන්ගේ ජීවිතය අති විශිෂ්ටය. ඔහුගේ කාර්යයන් හා දූත මෙහෙවර ඔහුගේ කාලයේ පැවති ආගමික සමාජීය දේශපාලනික හා ආර්ථික ප‍්‍රශ්නවලට පිළිතුරක් වූ අතර එය ඔහු එම කාලයේ යුග පුරුෂයෙකු කළේය. අධ්‍යාපන හා කාර්මික ප‍්‍රතිසංස්කරණ සඳහා ඔහු විසින් සිදු කරන ලද ගණන් කිරීමට නොහැකි තරම් ව්‍යාපෘති ඔහු විසින් පිහිටුවන ලද ආයතන ඔහු නිතරම දෙසමින් අවදිකළ ගෝලීය බෞද්ධ ප‍්‍රජාව සහ ඔහු ජාතීන් අතර ඇති කර ගත් සම්බන්ධතා සැලකිල්ලට ගතහොත් ඔහු අදටත් සිටින ශ්‍රේෂ්ඨතම චින්තකයින් සහ සමාජ ක‍්‍රියාකාරීන් අතර ශ්‍රේෂ්ඨතමයා වීමට ඔහු 21 වන සියවසේ ජීවත් වූවා නම් අවස්ථාව සැලසෙන බව ඉඳුරාම පැවසීය හැක. අනගාරික ධර්මපාලයන්ට බහු මුහුණුවර පෞරුෂයක් තිබුණි. ඔහු එකවර ව්‍යාපෘති ගණනාවක වැඩ කළේය. ඒ නිසා ඔහුට ඒක මාන ලේබලයක් ඇලවීම සහ ඔහුගේ වචන සත්දර්භයක් උකහා ගැනීමට පහසුය. කෙසේ වෙතත් එසේ කිරීම යනු සංකීර්ණ හා විරුද්ධ කම්පාන යටත් විජිත බලය හමුවේ ඔහු වටා පැන නැගුණ ගැටුම්කාරී සිදුවීම් කෙරෙහි ඔහු දැක්වූ ප‍්‍රතිචාරය නොසලකා හැරීමකි. ඔහුගේ උරුමයේ භාරකවරුන් වශයෙන් මා සහ අනෙකුත් කලමනාකරණ භාරකරුවන් ඔහුගේ භාරය තුළින් අපේක්‍ෂා කළ වැඩ කටයුතු කරගෙන යාමට හැකිවීම ගැන අප ගෞරවය දිනා ඇත. පෞද්ගලික මට්ටමෙන් ඔහුගේ අභ්‍යන්තර අභිලාෂය වූයේ ඔහුගේ අධ්‍යාත්මික වර්ධනයයි. ඒ සඳහා ඔහු වෙහෙස නොබලා වැඩ කළේය. භාවනා කිරීම සඳහා උදේ පාන්දරින්ම අවදිවී අවසානයේදී අනගාරික (නිවසක් නැති තැන්තා* ලෙස ඔහුගේ ජීවිතය පවා අතහැර භික්‍ෂූත්වයට පත්විය. ඔහු පහත පරිදි අධිෂ්ඨාන කළේය.



”මාගේ ජීවිතය භවයෙන් භවයට මනුෂ්‍යත්වය වෙනුවෙන් පුද කරන්නෙමි. මම පාරමිතා පුරන්නෙමි. මම ලෝකය බේරා ගන්නෙමි. මම මතු පහළවන බුදුන්ගෙන් විවරණ ගන්නෙමි‘’

අනගාරික ධර්මපාලයන්ගේ අභිලාෂයන් ඉටු වේවා.

සුදම්මික හේවාවිතාරණ
සභාපති
2565/2021





img



භාරය පිළිබඳව

තම ජීවිතයේ සැඳෑ සමයට එළඹෙත්ම අනගාරික ධර්මපාලයන් ගිහි ගෙයින් බැහැරව භික්‍ෂු නමක් ලෙස පැවිදි දිවියට ඇතුල් වීමට සුදානම් වෙමින් තමන් විසින් බුදුන් වහන්සේගේ අනුගාමිකයකු ලෙස ආරම්භ කරන ලද කටයුතු ඉන් ඉදිරියට ගෙන යාම සඳහා තමා විසින්ම තෝරාගත් නාමිකයන් කිහිප දෙනෙකු යටතේ භාරයක් ඇරඹීමට තීරණය කළේය. 1930 සහ 1931 දී ඔහු අවසන් වරට ඉන්දියාවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණි කාලයේදී එවකට සුප‍්‍රකට නීති සමාගම් දෙකින් එකක් වූ ජුලියස් සහ ක‍්‍රිසි සමාගමෙන් මෙම භාරය පිහිටුවීම සඳහා අවැසි නීති උපදෙස් ලබා ගත්තේය. 1930 නොවැම්බර් 30 දින මෙම භාරය පිහිටුවීම විධිමත් කළේය. මෙම භාරය සහ එහි පරමාර්ථයන් මහජනයාට දැන්වීම සඳහා 1931 දී පුවත්පත් මගින් ප‍්‍රසිද්ධ කරන ලදී. එහිදී කරුණු 3ක් පැහැලිව පැනනැගුණි. මුලින්ම ඔහු බලාපොරොත්තු වූයේ මෙම භාරය බෞද්ධ පුනර්ජීවය සඳහා මහබෝධි සමාගම විසින් ඉටුකරනු ලබන කාර්යයන් තව දුරටත් වැඞී වර්ධනය වනු දැකීමත් බෞද්ධ විහාර සංරක්‍ෂණය කරනු ලැබීමත් පාලි භාෂාවෙන් ලියැවුණ පත පොත සහ ස`ගරා මහජනයා අතට පත්වීමත් ඒවා රටේ භාවිතා වන අනෙකුත් භාෂාවලට පරිවතර්නය කිරීමත්ය. බෞද්ධ කලා සහ නිර්මාණයන් වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථාන පැරණි නාලන්දා විශ්වවිද්‍යාලයේ කටයුතු අනුව යමින් සිදු කිරීමටත් එවැනි විශ්වවිද්‍යාලයන් ඇරඹීමත්ය. විද්වත් භික්‍ෂූන් සහ පර්යේෂකවරුන් මගින් නැගෙනහිර සහ බටහිර බලවත් ලෙස අදහස් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවයත් ඔහු බලාපොරොත්තු විය.

දෙවනුව ඔහු ඉල්ලා සිටියේ අධ්‍යාපන අතින් පහළ මට්ටමේ සිටින දේශීයයන්ට අධ්‍යාපනය සෞඛ්‍ය, විද්‍යාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් ද වෙළෙඳ හා කාර්මික පාසල් ස්ථාපිත කිරීමය. මෙම පාසල් සියලූම ජන කොටස්වලට විවෘත විය යුතු අතර ඒවා ලිංග බේදයකින් තොර විය යුතුය. ඒ මගින් වෘත්තීය සහ අධ්‍යාපනික සුදුසුකම් සඳහා කාන්තාවන්ට ඇති අයිතිය තහවුරු කළ අතර ඔහු මේ අයිතිය පිළිබඳව ප‍්‍රථම යෝජකයා බවට පත්විය.

තෙවනුව ඔහු බ‍්‍රහ්මචාර්ය ජීවිතයක් ගත කිරීමේ පුරාණ සිරිත් නැවත අරඹමින්, සියලූම දේ ස්වයං අත්හැරීමකට බදුන් කරමින් ඒ මූල ධර්මයන් නැවත පුනර්ජීවනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව සැබෑ අනුගාමිකයකු හෝ බෞද්ධ ධර්ම ප‍්‍රචාරකයකුට එම පදනම නොමැතිව අධ්‍යාත්මික මාර්ගයෙහි ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි ඔහු විශ්වාස කළේය.

අනුප‍්‍රාප්තික භාරකරුවන් පත් කිරීම භාරකරුවන් ගෙන් අපේක්‍ෂා කළ අතර 1947 දී රජයේ මහාභාරකරු නිල බලයෙන් අනගාරික ධර්මපාල භාරයේ භාරකරුවකු වශයෙන් නම් කරන ලදී.

img
img
image

කළමනාකරණ භාරකරුවන්

භාරය අධීක්‍ෂණය කරනු ලබන්නේ සය දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් විසිනි.



හිටපු භාරකාර මණ්ඩලය


භරකරුගේ නම සිට දක්වා
එන්. දොන් ස්ටීවන් සිල්වා 01.12.1930 19.05.1942
නීල් හේවාවිතාරණ 01.12.1930 19.05.1942
රාජසිංහ හේවාවිතාරණ 01.12.1930 19.05.1942
එස්.කේ. මුණසිංහ 01.12.1930 19.05.1942
යූ.බී. දොලපිහිල්ල 01.12.1930 19.05.1942
ජේ.ආර්. ජයවර්ධන (ඒක කළමනාකරණ භාරකරු) 25.05.1942 30.09.1954
එච්.ඩබ්. අමරසූරිය 30.09.1954 06.03.1981
නලින් මුණසිංහ 30.09.1954 31.07.1974
ආර්.ඒ. රත්නපාල 30.09.1954 27.11.1957
මුදලියර් පී.ඞී. රත්නතුංග 30.09.1954 27.11.1957
ගාමිණී එන්. ජයසූරිය 27.11.1957 30.11.1995
පී. උපජීව රත්නතුංග 27.11.1957 31.07.1974
විමලධර්ම හේවාවිතාරණ 27.11.1957 06.03.1981
ලලිත් කේ. හේවාවිතාරණ 07.05.1968 03.05.1984
සිංහ වීරසේකර 01.08.1974 25.02.2002
නන්ද අමරසිංහ 01.08.1974 18.05.1995
නොයෙල් විජේනායක 14.08.1981 04.11.2014
ප‍්‍රසන්න ජයසූරිය 01.12.1995 06.01.2015
අනිල් මුණසිංහ 16.02.1999 14.09.2000