අනගාරික ධර්මපාලයන්ගේ ජීවිතය

(1864 සැප්තැම්බර් 17 සිට 1933 අපේ‍්‍රල් 29 දින දක්වා)

දොන් ඬේවිඞ් හේවාවිතාරණ

(1864 සිට-1885 දක්වා)

දොන් ඬේවිඞ් හේවාවිතාරණ විසිවැනි ශත වර්ෂ මුල් අවධියේදී අනගාරික ධර්මපාල යනුවෙන් ලොවපුරා දැන සිටි මෙතුමා මල්ලිකා සහ දොන් කරෝලිස් හේවාවිතාරණට දාව 1864 සැප්තැම්බර් මස 17 දා කොළඹ කොටහේනේදී උපත ලැබීය.මාතර හිත්තැටියේ ඉපදුන බවට පල වන ප්‍රවෘත සාවද්‍යය.

එම කාල වකවානුවේදී හේවාවිතාරණ පවුල ජීවත්වූයේ පිටකොටුව ප‍්‍රදේශයෙහිය. එය එවකට ලංකාවේ පදිංචියට යෝග්‍ය වූ ප‍්‍රදේශයකි. කෙටි කලකින්ම ඔවුන් වඩාත් සුවදායක වූ විශාල ගෙවතු වලින් සමන්විත වීදි මාර්ග මැනවින් සකස් කරන ලද ඉතාම හිතකාමී පරිසරයකින් සැදුම් ලත් කොටහේන ප‍්‍රදේශයට පැමිණ එහි පදිංචි වූහ. ඔහුගේ උත්පත්තිය එවකට වූ නීති ප‍්‍රකාර කොටහේනේ ශාන්ත බෙනඩික් දේවස්ථානයේ ලියා පදිංචි කරන ලදී.

පාසල් කිහිපයක අධ්‍යාපනයට යාමෙන් ඬේවිඞ්ගේ ප‍්‍රාථමික අධ්‍යාපනය සනිටුහන් විය.

ඒවායින් සමහරක් නම් කොළඹ ගැහැණු ළමුන් සඳහා වූ ළදරු නිවාසය පිටකොටුවේ කතෝලික පාසැල (පසුව ශාන්ත මේරි පාසල) බැප්ට්ස්ට් සිංහල පාසල, ශාන්ත බෙනඩික් විදුහල කෝට්ටේ CMS පිරිමි ළමා පාසල කොළඹ ශාන්ත තෝමස් විද්‍යාපීඨ ආයතනය සහ කොළඹ ඇකඩමිය (දැන් රාජකීය විදුහල) වේ. ඔහුගේ පාසල් ජීවිතයේ විවිධ කැළඹීම් තිබුණ ද ඔහුගේ දෙමව්පියන් බුදු දහම, පිළිබඳවද මව් බස වන සිංහල පිළිබඳව ද හොඳ අඩිතාලමක් ඔහුට ලබා දී තිබුණි.

img

ඔහු සිංහල රචනය පිළිබඳව කුඩා අවධියේ සිටම එසමයේ ප‍්‍රවීණ විද්වතෙකු වූ හරමානිස් ගුරුන්නාන්සේ වෙතින් හදාරණ ලදී. ඊට අමතරව බුද්ධ, ධම්ම සහ සංඝ වන තෙරුවන් වෙත බලවත් ඇල්මක් ඔහුගේ දෙමව්පියන් විසින් ඔහු තුළ ස්ථාපිත කරන ලදී.

පසු කාලයේදී ඔහු විසින්ම සඳහන් කළ පරිදි ”මම පාසලේදී බිය නැති ගරුසරු නැති රදළ උඩ`ගු බව තිබූ අන් කිසිවකු ගණන් නොගත් පුද්ගලයෙකි. ගෙදරදී පවා මේ වේශයෙන්ම කටයුතු කරමින් මට අවශ්‍ය සෑම දෙයම මා ලබා ගනිමි. මා මුරණ්ඩු සහ හිතුදේ කරන කෙනෙකු වූ අතර අසාධාරණය සැම විටම නොඉවසුවෙමි. ලෞකික දේ පිළිබඳව මා තුළ කිසිදු ආශාවක් නොතිබුණි. සරළ බව මම බෙහෙවින් අගය කළ අතර හුදකලාව සිටීමට ප‍්‍රිය කළ අතර මා සතු සියලූම දේ දන් දීමට යමින් දුප්පත් අයට උදව් කළෙමි...”

ඔහු මහත් ආදරයෙන් සහ ගෞරවයෙන් තම දයාබර දෙමව්පියන් ගැන රචනා කළ අතර සමහර අවස්ථාවල ඒ දෙපල විවේචන කළ අවස්ථා ද ඇත. ඒ තම මවගේ බැදීමකින් තොරවීම සහ පියාණන්ගේ විනය පිළිබඳ හැ`ගීම් ගැනය. ධර්මය පිළිබඳව තම වටහා ගැනීම සහ අනිත්‍යතාව පිළිබඳව දැනගැනීම තම මවගෙන් ලද උරුමයන් ලෙස ඔහු විසින් සඳහන් කර ඇත. සිය ගිහි ජීවිතය අත්හැරීමට මෙම කරුණු අත්තිවාරමක් වූ බවද ඔහු පවසයි. බ‍්‍රහ්මචාරියාවේ නියමනයන් තමාට හඳුන්වා දුන්නේ තම පියාණන් බව ප‍්‍රකාශ කරයි. තමාට වයස අවුරුදු නවය වන විට ඔහු නිතර නිතර ඔවා දෙමින් ”ලෞකික දේ මත” නොයැපෙන කෙනෙකු වශයෙන් පවතින්නට අවවාද කරන ලදී.

ලාබාල වියේදීම ඬේවිඞ් අධ්‍යාත්මික අදහස් භාවනා කිරීම් සහ දුප්පතුනට සේවය කෙරෙහි පෙළඹුනි. තරුණ ඬේවිඞ් පරම විඥානාර්ථ ව්‍යාපාරය වෙත ආකර්ශණ වූ අයුරු මින් මැනවින් පැහැදිලිය. ඔහු ඒ කෙරෙහි යොමු කරන ලද්දේ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වන අතර 1878 පළවූ ප‍්‍රථම THEOSOPHIST සගරාවේ සිටම ඔහු කියවීය. පරම විඥානාර්ථ සංගමයේ පුරෝගාමීන් දෙදෙනෙකු වූ කර්නල් හෙන්රි ස්ටීල් ඔල්කොට් තුම න් සහ හෙලේනා බලැවැට්ස් (HENRY STEEL OLCOTT AND MADAM HELENA BLAVETSKY) 1880 දී ලංකාවට ආහ. ඔල්කොට් තුමාගේ දේශනයන්ට සහභාගි වූ අතර ඒ අනුගමනය කරමින් අධ්‍යාත්මික වර්ධනය පිළිබඳ ඉතා ඕනෑකමින් කියවීමට ද යුහුසුළු විය. සියල්ල අතහැරීමට දැඩි කැමැත්තක් දැක්වූ ඔහු මේ අවධියේදී නිර්මාශිකයෙකු ද විය. 1884 දී පරම විඥානාර්ථ සමිතියට බැඳුණි. මෙම හැඩ ගැසීමේ කාලය තුළ දී 1885 දී ඔහු මහජන උපදෙස් පිළිබඳ දෙපාර්තමේන්තුවේ රැකියාව කරන ලදී. එහෙත් තවමත් ඔහුගේ බලවත් කැමැත්ත වූයේ අධ්‍යාත්මික දියුණුව සහ ජනතාවට සේවය සැලසීම ගැනයි.

ඬේවිඞ් ඇති දැඩි වූ පවුල් සැලැස්ම තම ළදරු අවධිය ගත කළ විශාල ගෘහය සහ මනස්කාන්ත ගෙවත්ත ධර්මය අනුව හැසිරීම් හුරු පුරුදු කළ ඔහුගේ දෙමව්පියන් යනාදී මේ සියලූ කරුණු තම පුතා තුළ අධ්‍යාත්මික පදනමක් මැනවින් ස්ථාපිත කරන්නට මුල් විය. තම අධ්‍යාත්මික දියුණුව සහ බුදුන්ගේ දේශනා පිළිපැදීම ඔහුගේ ජීවිතයේ මූලික අභිප‍්‍රාය බවට පත්විය. ඔහුගේ අන් සියලූ කාර්යයන් ඔහුගේ මේ අරමුණ වෙනුවෙන් වූ කැපවීම පිළිබිඹු කරන්නක් විය.

අවුරුදු 21 දී ඬේවිඞ් කොල්ලූපිටියේ ඇලෝ ඇවනිව්හි පිහිටි තම පවුලේ සුඛෝපභෝගී නිවසත් සියලූම පහසුකමුත් තම දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබමින් අත්හැර දමා තම පවුලේ නිවසින් බැහැර වී තාපස ජීවිතය සඳහා පිටත් විය.