පවුල සහ ප‍්‍රතිලාභීන්

අනගාරික ධර්මපාලයන්ගේ බාල සොහොයුරා

එඞ්මන්ඞ් හේවාවිතාරණ

(1873 සිට – 1915 නොවැම්බර් 19 දක්වා)

එඞ්මන්ඞ් වනාහි අනගාරික ධර්මපාලයන්ගේ බාල සොහොයුරාය. තම පවුලේ ව්‍යාපාරය වූ එච් දොන්කරෝලිස් පුත‍්‍ර සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂක තනතුර දරන කාලයේ දී රටතුල 1915 කුප‍්‍රකට කැරැල්ල සිදුවිය. එය රට පුරාම පැතිරෙමින් තිබුණි. මෙම වකවානුවේදී මෙරට බි‍්‍රතාන්‍ය පාලකයින් හේවාවිතාරණ පවුල ගැන ඇස් යෙමා සිටි අතර එවකට සිටි පොලිසියේ ප‍්‍රධානී තැන අනගාරිකතුමා යටත් විජිතවාදයට විරුද්ධව කටයුතු කරන සංවිධානයක පෙරමුණ ගත් අයෙකු සහ කරදරකාරී පුද්ගලයෙකු සේ හඳුන්වා දී තිබුණි. මෙම කැරැල්ල සිදුවන අවස්ථාවේදී අනගාරික තුමා සිටියේ ඉන්දියාවේය. ඒ ලංකාවේ එවකට සිදුවුන දේ පිළිබඳව රැඳවුම් නියෝග පිට ඔහු ඉන්දියාවේ රඳවනු ලැබ සිටියේය. මෙම කැරලි ගැසීම් මරදාන දෙසට පැතිරෙද්දී ඔවුහු අප‍්‍රමාදව එඞ්මන්ඞ් හේවාවිතාරණව කොළඹ කේෂර් වීදියේ ඔවුන්ගේ සාප්පුවේදීම අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔහුට විරුද්ධ ගොතන ලද සාක්කි මතය.

මෙම සිදුවීම ඔහුගේ මී මුණුබුරකු විසින් මෙලෙස ලියා ඇත. මුලින්ම 1915 කැරැල්ල පිළිබඳ ආරංචිය මා කණ වැකුණේ මා මගේ මිත්තණියගේ දණ හිස් මත වාඩි වී සිටිද්දීය. මගේ ලාබාල කණට එය තවත් ‘‘මිත්තණියගේ කථාවක්’’ විය. නමුත් මේ සිදුවීම්වල බියජනක තත්ත්වය මා හට හොඳින්ම දැනුණේ පසු කාලයේදී මා නීති ශිෂ්‍යයෙකුව සිටියදී පරිහරණය කළ මෙම කැරැල්ල පිළිබඳව බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවන්ගේ ක්‍ෂේක‍්‍ර අධිකරණ නිලධාරියා විසින් කරන ලද සොයා බැලීම් පිළිබඳව පැවැත් වූ අධිකරණ ක‍්‍රියාවලියට අයත් සටහන් මගිනි.

img

මිත්තණියගේ ස්වාමි පුරුෂයා මගේ මුත්තා එවකට ලාබාල තරුණයෙකුව සිටියදී ඔහුගේ පියා වූ එඞ්මන්ඞ් හේවාවිතාරණ (අනගාරික ධර්මපාලගේ බාල සොයුරු* නමනිදේවගේ ඇල්බට් විජේසේකර යන අයවලූන් සමග රාජද්‍රෝහී කුමන්ත‍්‍රණ කිරීම සහ කඩ සාප්පු මංකොල්ල කෑම චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ලූතිනන් කර්නල් ආර්.එල්. මුස්ප‍්‍රැට් විලියම්ස් නමැති රාජකීය නගරාරක්‍ෂක බල ඇණියේ නිලධාරීගේ සභාපතිත්වයෙන් යුතු හමුදා යුද්ධාධිකරණය හමුවට පමුණුවනු ලැබීය. සාමාන්‍ය නීති සියල්ලම අත්හිටුවා තිබුණි. සාමාන්‍ය වැසියන්ට හමුදා නීතිය යටතේ රොබර්ට් චාමර්ස් ආණ්ඩු කාර තැනගේ අණ අනුව නීතිය ඉදිරියට ගෙන යනු ලැබීය. චෝදනා අංක 1 ඉහත නම් සඳහන් වරදකරුවන් හේවාවිතාරණ සහ විජේසේකර රාජද්‍රෝහී ක‍්‍රියාවල යෙදුන බවට එනම් 1915 ජුනි 01 දින හෝ ඊට ආසන්න දිනක කොළඹදී අපගේ මහා රජානන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කර ඇති බවත් එය හමුදා නීතියේ 41 ෙඡ්දයේ සටහන් දේට පටහැණි බවත් ප‍්‍රකාශ කරන ලදී. ඇත්තෙන්ම කැරැල්ලට හේතු වූයේ ගම්පොල අවට විසූ සිංහල සහ මුස්ලිම් ජාතිකයන් මුස්ලිම් පල්ලිවල පිටතින් ශබ්ද විකාශණ යන්ත‍්‍ර භාවිතා කිරීම සම්බන්ධව පැන නැගුණ ආරවුලට කොළඹදී දැක්වූ ප‍්‍රතිචාරයයි. සිංහල ජාතිකයන්ගෙන් සැදුම් ලත් කලහකාරී පිරිසක් මුස්ලිම් ජාතිකයෙකුට අයත් ව තිබූ පිටකොටුවේ කෙයිසර් වීදියේ ‘ක‍්‍රිස්ටල් පැලස්’ නම් වෙළඳ සැලක් කඩා එහි බඩුමුට්ටු කොල්ලකා තිබුණි. මෙම පිරිසට මූලිකත්වය දෙන ලද්දේ හේවාවිතාරණ සහ විජේසේකර බවට චෝදනා නැගුණි. යුද අධිකරණය ඊළ`ග මාසයේදීම පැවැත්විණි. බි‍්‍රතාන්‍ය කිරීටය වෙනුවෙන් නීතිපතිතුමා පෙනී සිටියේය. එම කාලයේ නීති විශාරදයන් දෙදෙනකු වූ ෆ්‍රෙඞ්රික් නොර්ටන් සහ ඇලන් බී‍්‍රබර්ග් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල මෙහෙය වීය. දෙපාර්ෂවයේම බොහෝ සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් පසුව දින තුනක් වැනි කෙටි කාලයකදී නඩුව අවසන් කරමින් විත්තිකරුවන් රාජද්‍රෝහී ක‍්‍රියාවල යෙදුන බවට තීන්දු කරන ලදී. සාප්පුව කැඞීමේ චෝදනාව ඉවත් කර ‘‘විත්තිකරුවන් ජීවිතාන්තය තෙක් බරපතළ වැඩ සහිතව හිරයට නියම කරන ලදී. වයස අවුරුදු 42 දී මගේ සීයාගේ මරණය හේතුවෙන් මගේ මිත්තණිය ඇයගේ වයස 31 දී වැන්දඹුවක බවට පත්විය. ඔහුගේ ලාබාල වියේදී තම පියාණන් පළමුව වැලිකඩ බන්ධනාගාරයේ සිරගත කිරීමෙන් සහ ඉන් අනතුරුව යාපනයේ ද, පසුව එම ප‍්‍රදේශයේ පැවැති මාරාන්තික උණ සන්නිපාත රෝගයෙන් ඔහු මහත් සේ රෝගාතුරව මියයාම ඔහුට මහත් කම්පනයක් ගෙන දුන්නේය. යාපනයේ රෝහලද තවත් එක් සිර මැදිරියක් පමණක්ම විය. රෝගියා බිම එලන ලද පැදුරක හොවා තිබුණේ සුදුසු උපස්ථානයක් හෝ ප‍්‍රතිකාරයක් නොමැතිවය. සුව කිරීමේ බලාපොරොත්තු සියල්ලම අත්හැර දමා සිටි අවස්ථාවේදී පමණක් ඔහු යාපනයේ මහ රෝහල වෙත මාරුකර තිබුණි. ඔහුගේ අභාවයට දින 5කට පෙරාතුව ඔහුගේ සොහොයුරා වූ වෛද්‍ය සී.ඒ. හේවාවිතාරණයන්ට තම මියයමින් සිටින සොහොයුරා බැලීමට යාමට අවසර ලැබුණේද යටත් විජිත ලේකම් වෙත පෙත්සමක් යැවීමෙන් අනතුරුවය. නමුත් ඒ වන විට එය ප‍්‍රමාද වී වැඩිය. 1915 නොවැම්බර් 19 දින එඞ්මන්ඞ් හේවාවිතාරණ මිය ගියේ හමුදා නිලධාරියෙකු විසින් නියම කරන ලද ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම නියම කළ දිනට පස් මාසයක් ගතවූ පසුවය.

ඔහුගේ අවමංගල්‍ය කටයුතුවලට විශාල පිරිසක් එක් රැස්වී ඔහු ජාති ද්‍රෝහියෙකු නොවන බවත් උදාර ජාති හිතෛෂියෙකු බවත් මැනවින් පසක් කරදුනි. පිටු 13කින් සමන්විත වූ පෙත්සමක් ඔහුගේ වැන්දඹු බිරිඳ සුජාතා හේවාවිතාරණ විසින් පිළියෙල කරන ලදුව. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සහ විවිධ ජාතීන්ට අයත් පුද්ගලයින් විසින් සකස් කළ අතිරේක පෙත්සම් සහ දිවුරුම් පෙත්සම් ද ඔහුගේ මෑණියන් වූ මල්ලිකා හේවාවිතාරණ (එඞ්මන්ඞ්ගේ සහ අනගාරිකතුමාගේ මව*ගේ පෙත්සම්ද යටත් විජිත භාර රාජ්‍ය ලේකම් වූ ලන්ඩන් නුවර ඇන්ඩෘ බෝනාර් ලෝ වෙත යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටියේ චෝදනා සම්බන්ධයෙන් එඞ්මන්ඞ් හේවාවිතාරණ යන අයගේ නාමය නිර්දෝෂි කරන ලෙසයි. මෙම පෙත්සම්වල සඳහන් කරුණු පිළිගනු ලැබූ අතර රොබට්චාර්මස් සාමිවරයා ලංකාවේ ආණ්ඩුකාර පදවියෙන් සහ ප‍්‍රධාන අණදෙන නිලධාරී තනතුරෙන් ඉවත් කළ අතර කැරැල්ල හරිහැටි පාලනය නොකළ බව දන්වමින් ආපසු බි‍්‍රතාන්‍යය වෙත කැඳවන ලදී. අලූතෙන් පත්ව ආ හෙන්රි විලියම් මැනින් සාමි ආණ්ඩුකාරවරයා බි‍්‍රතාන්‍ය අධිකරණය වෙනුවෙන් එඞ්මන්ඞ් හේවාවිතාරණ මහත්මියගෙන් සමාව ඇයද සිටියේ බි‍්‍රතාන්‍ය අධිකරණ නීති වරදවා ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙනි. සාමිවරයා සහ ඔහුගේ ආර්යාවද පසු කලයේදී හේවාවිතාරණ පවුලේ පෞද්ගලික මිතුරන් වූහ