අනෙකුත් ලියවිලි



අනෙකුත් ලියවිලි

තම ජීවිතය සහ තම කාර්යයන්ට අදාළ යෙදූ දෛනික සටහන් වලට අමතරව අනගාරික ධර්මපාලයන් ප‍්‍රකාශණ ගණනාවක් නිකුත් කර ඇති අතර ඒවා තම ජීවිත කාලය පිළිබඳව විවරණයන් ලෙසත් ඒ කාලයේ දේශපාලන සමාජීය, ආර්ථික සහ ආගමික ගැටලූ සහ තම දූත මෙහෙවරන් පිළිබඳව විශිෂ්ට ලේඛනයන් බවත් ඉඳුරාම පිළිගෙන ඇත.

වසර 1893 දී ඉන්දියාවේ මහාබෝධි සංගමය වෙනුවෙන් මාසික ස`ගරාවක් වශයෙන් ”මහාබෝධි සහ එක්සත් ලෝක ස`ගරාවද” ආරම්භ කරන ලදී. එක්සත් රාජධානියේදී හෙතෙම ‘‘බි‍්‍රතාන්‍ය බෞද්ධයා’’ ද ආරම්භ කරනලදී. වර්තමානයේදී මෙම රචනා සහ විවරණයන් එතුමාගේ සහ චින්තකයන්ගේ හා ක‍්‍රියාකාරීන්ගේ වටිනා නිධියක් ලෙසට හඳුන්වයි.

1906 දී අනගාරික ධර්මපාල තුමන් විසින් ශ‍්‍රී ලංකාවේ මහ බෝධි සංගමය වෙනුවෙන් ‘‘සිංහල බෞද්ධයා’’ එළි දැක්වූ අතර විශේෂයෙන් තම ¥ත කාර්යය සහ බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය මගින් ඇති වූ විරෝධයන් සහ බෞද්ධයින් වෙනුවෙන් ඉන්දියාවේ බුද්ධගයාව නැවත අත්පත් කර ගැනීමත් පිළිබඳව දැනුවත් කිරීම මෙහි මූලික පරමාර්ථය විය. ඔහුට දානපතිනිය මේරි ෆොස්ටර් රොබින්සන් මැතිණිය ඔහුගේ පුවත්පත සඳහා අවශ්‍ය මූල්‍ය ධනය ලබා දුන් අතර සුප‍්‍රකට සිංහල ලේඛකයින් විසින් ලිපි සපයන ලදී. පියදාස සිරිසේන සහ වලිසිංහ හරිස්චන්ද්‍රයන් කතුවරුන් වශයෙන් සංගමය විසින් පත් කරන ලදී. 1915 ශ‍්‍රී ලංකාවේ යටත් විජිත පාලන රජය යටතේ යුද නීතිය පැනවීමත් සමග සිංහල බෞද්ධයා පුවත්පතට මුද්‍රා තැබීය. 1922 නැවතත් එය මහබෝධි සංගමය සතු විය. මීට අමතරව අනගාරික ධර්මපාල තුමන්ගේ රචනා කරන ලද ලිපි පත‍්‍රිකා ස`ගරා සහ පුවත්පත්වලට ලියන ලද ලිපි (ඔහුගේ කාලයේ පරමවිඥාර්ථ ස`ගරා සඳහා ලියන ලද ලිපි සහ කථාද වේ. ඔහුගේ සියලූම කෘතීන් එකම ප‍්‍රකාශයන් ලෙස ලබා ගැනීමට නොහැකි වුවත් කෘතීන් ගණනාවක් එක් රැස් කොට ඔහුගේ ලේඛන පරාසයක සාම්පලයන් ලෙස එළි දැක්වීමට ප‍්‍රයත්නයන් දරා ඇත.

img
img