අනගාරික ධර්මපාලයන්ගේ ජීවිතය

(1864 සැප්තැම්බර් 17 සිට 1933 අපේ‍්‍රල් 29 දින දක්වා)

‍ශ‍්‍රී දේවමිත්ත ධර්මපාල

(1931 සිට-1933 දක්වා)

අනගාරික ධර්මපාලතුමන් සියල්ල අත්හල අයකු වූ ලෙසින් 1885 තම නිවස හැර යාමෙන් අනතුරුව ඔහු තම ජීවිත කාලයම කැප කළේ බුද්ධ ගයාව නැවත අත්පත් කර ගැනීමටත් බුදු වදන ලොව පුරා ප‍්‍රචලිත කරමින් බෞද්ධ ලෝකය එක්සේසත් කිරීමට සහ දුප්පතුන්ගේ ජීවිත නංවාලීමටත්ය. මේ දක්වා තම ජීවිතය සහ වැඩ කටයුතු ගොඩනැගී ඇති අත්තිවාරම වූයේ ඔහුගේ අධ්‍යාත්මික පුහුණුවයි. බැතිමත් බෞද්ධයෙකු වශයෙන් ඔහු අවබෝධ කොටගෙන සිටි ධර්මයේ අතිමහත් වටිනාකම තුළින් ගොඩනැගුණු ඔහුගේ පෞද්ගලික බලාපොරොත්තු ද මෙයට ඇතුළත්ය.

තම දුෂ්කර ජීවන රටාව දරාගත නොහැකි ශාරීරික වේදනා මගින් අවධාරණය කර සිටියත් අනගාරික කිසිදු අවස්ථාවක දී වත් තම අධ්‍යාත්මික මෙහෙවර කෙරෙහි වික්ෂිප්ත වූයේ නැත. ඔහු උදෑසන 03.00 අවදිවී භාවනාවේ යෙදුණ අතර කාලයත් සමග මෙම කර්තවයන් ගැඹුරෙන් ගැඹුරටම ඔහු රැගෙන ගිය අතර කිසිම අයුරකින් තම අවසාන අභිලාෂයන් තම දුෂ්ටියෙන් ඉවත් නොවීය. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමත් සමග මරුමුව තුළට ආසන්න වුවත් ඔහු 1931 ඉන්දියාවට පෙරළා ගොස් සාමනේර භික්‍ෂුවක්* ලෙස සාරණාත්හි පැවිදි විය. ඔහු සිරි දේවමිත්ත ධමම්පාල යන නාමය පැවිදි වීමෙන් අනතුරුව ගත්තේය.

img

භික්‍ෂු සංඝරක්ෂිත මෙසේ ලියා ඇත.

”වසර අවසානයේදී 1931 නොවැම්බර් මස 11 දින සාරණාත්හි මූලගන්ධකුටි විහාරය විවෘත කිරීමේ උත්සවය දැන ගැනීමට ලැබීම ගැන ඔහු මහත් සේ සතුටට පත්ව සිටියේය. ඔහුගේ මහන්සියේ ප‍්‍රතිඵල කිරුළු පලන් සේ විය. මෙම උත්සවය පුරා තෙදිනක් පැවැත් වූ අතර එක් දහසකට වැඩි පිසරික් සාරනාත්හි ලැගුම් ගෙන සිටියහ. මින් අඩක් පමණ විදේශයන් හි සිට පැමිණි අය නොවැම්බර 11 දින සවස් යාමයේ ශීත ඍතුවේ පැහැදිලි නිල් අහසේ හිරු බැබලෙද්දී ඉන් නැගුන විචිත‍්‍ර වර්ණයන්ගෙන් භික්‍ෂූන් හැඳ සිටි කසාවත් සහ සැදැහැවතුනගේ සේද සළු ආලෝකමත් වෙද්දී රන්වන් කරඬුවක බහා ලන ලද බුදු රජාණන් වහන්සේගේ ස්ර්වඥ ධාතූන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්තුමන් විසින් ඉන්දියානු රජය වෙනුවෙන් මහා බෝධි සංගමය වෙත පිළිගැන්වීම සිදුවිය. මහත් ප‍්‍රීතිඝෝෂා මැද ධාතූන් වහන්සේලා රැගත් රන් කරඬුව ඇතෙකු මත වඩා හිඳුවා විචිත‍්‍ර පෙරහැරකින් පැමිණ විහාරය වටා තුන්වරක් පැදකුණු කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයේදී පූජ්‍ය ධම්මපාල හිමියන් අනුශාසනාව පවත්වමින් 1891 ජනවාරි මස උන්වහන්සේ සාරණාත් විහාරයට මුලින් පැමිණි අවස්ථාව සිහි කරමින් කියා සිටියේ එවකට එම ස්ථානයේ විසුවේ ඌරන් ඇතිකරණ හීන කුලවල මනුෂ්‍යයන් බවය. උන්වහන්සේ තම අතීත සිදුවීම් අනුස්මරණය කරමින් දේශනාකරණ විට රැස්ව සිටි සැදැහැත් ජනතාව නිහඬව අසා සිටියහ. ආබාධිතයන්ගේ පුටුවකින් උත්සව භූමිය කරා ගෙන එනු ලැබූ මේ වියපත් සටන්කාමියා ජයග‍්‍රාහී සතුටු හ`ඩකින් කියා සිටියේ ”වසර 800ක පමණ විප‍්‍රවාසයකින් පසුව බෞද්ධයින් තමන්ගේම පූජනීය ඉසිපතනය වෙත ළ`ගා වී ඇත. අවසන උන්වහන්සේ කියා සිටියේ ”බුදුන් වහන්සේගේ දයානුකම්පිත ධර්මය ඉන්දියානුවන් වෙත ජාතික කුල බේදයෙන් තොරව බෙදා දීම මහාබෝධි සංගමයේ පැතුම බවයි. මා විශ්වාස කරනවා තථාගතයන් වහන්සේගේ ආර්ය ධර්මය ඉන්දියාව පුරා බෙදා හරින්නට ඔබ ඉදිරිපත් වේවි කියා.”

ඉන්දියාවේ සිටියදී නව ව්‍යාපෘති අවසන් කිරීමට එඩිතරභාවය සහ අධිෂ්ඨානශීලිභාවය තම ආත්මය කර ගත්තත් උන්වහන්සේ සෞඛ්‍ය තත්ත්වය එන්න එන්නම පිරිහෙමින් පැවතුණා කෙසේ වෙතත් උන්වහන්සේ ගේ දුර්වල භාවය උත්සන්න වීම නිසා තම අවසන් කාලය ළ`ගා වී ඇති බව උන්වහන්සේ දැන ගත්තේය. එබැවින් උන්වහන්සේගේ ඉහළ පැවිදි භාවය වූ උපසම්පදාව 1933 දී සාරණාත්හිදී ලබා ගත්තේය. ලංකාවේ සිට භික්‍ෂූන් වහන්සේලා 10 දෙනෙකු ඒ සඳහා ඉන්දියාවට වැඩියේය. සාමණේර භික්‍ෂුව වශයෙන් පසු කළ යුතු කාලය පිළිබඳ කොන්දේසිය ලිහිල් කරමින් උන්වහන්සේ සසුනට කළ මහ`ගු සේවය සලකා ඉහළ පැවිදි භාවයට ඇතුළත් කර ගන්නා ලදී.

1933 අපේ‍්‍රල් මස 29 දින තමා වටකර සිටි බෞද්ධ භික්‍ෂූන්ගේ පිරිත් සජ්ඣායනය කිරීම් මධ්‍යයේ තමන්ගේ ශිෂ්‍ය වූ දේවපි‍්‍රය වලිසිංහ ලංකාවේ සිට පැමිණියා වූ තම බෑණා වූ රාජා හේවාවිතාරණ එතුමාගේ වෛද්‍යවරයා වූ දොස්තර නැන්ඩි සහ බුද්ධ ගයාවට වැඩම කරවා සිටි සාමණේර භික්‍ෂූන් සම්මුඛයේ සිටියදී පූජ්‍ය දේවමිත්ත ධම්මපාල හිමිගේ ජීවිතය අවසන් විය. අවසන් මොහොතේදී උන්වහන්සේගේ මුහුණ මූලගන්ධ කුටි විහාරය වෙත හැරවී තිබුණ අතර උන්වහන්සේගේ තොල් අතරෙන් නික්මුණ අවසන් වදන වූයේ ”දේවමිත්ත” (දෙවියන්ගේ ආදරණීය මිතුරා) යන්නය.

ඉන් සති දෙකකට පසුව උන්වහන්සේගේ භෂ්මාවශේෂ සාරණාත්හි සිට කල්කටාවේ මහබෝධි සංගමය වෙත දේවපී‍්‍රය වලිසිංහ විසින් ගෙන එනු ලැබීය. පසුව ඉන් කොටසක් මූලගන්ධකුටි පරිශ‍්‍රයේ කුඩා ස්ථූපයක තැන්පත් කරන ලද අතර තව කොටසක් වලිසිංහ විසින් ලංකාවට ගෙන එන ලදී. පළමුව දුම්රියෙන් ඉන්දියාවේ පහළ දකුණු තුඩුවේ පිහිටි රාමේෂ්වරම් වෙත ගෙනැවිත් තලේමන්නාරම දක්වා මගී බෝට්ටුවක් මගින් රැගෙන එන ලදුව එතැන් සිට දුම්රියෙන් කොළඹට ගෙන එන ලදී. ඉන් පෙර නුදුටු ජන සමූහයක් කොළඹ දුම්රිය ස්ථානය අවට රැස්ව සිට දුම්රිය මාර්ගය දෙපස රැඳෙමින් සාධු, සාධු, සාධු යනුවෙන් හ`ඩ නැගූහ. එතැන් සිට භෂ්මාවශේෂ සහිත බඳුන පෙරහැරකින් හේවාවිතාරණ පවුල විසින් ආරම්භ කරන ලද භික්‍ෂු විද්‍යාලයක් වූ විද්‍යෝදය පිරිවෙන වෙත ගෙන ගොස් එහි භික්‍ෂූන් වෙත භාර දෙන ලදී. භික්‍ෂූන් වහන්සේ විසින් එය පැමිණ සිටි විදේශ අමාත්‍ය ශ‍්‍රීමත් බාරොන් ජයතිලක මහතාට භාර දෙන ලදී. එම භෂ්මාවශේෂ වෙත ගෞරව පුද කිරීමට පැමිණි විශාල ජනකායට ඉඩ සලසනු වස් පිරිවෙන වටා බැඳ තිබුණු විශාල තාප්පය කඩා ඉවත් කිරීමට සිදුවිය. ශ‍්‍රී ලංකාවට ගෙන එනු ලැබූ අනගාරික ධර්මපාලතුමාගේ භෂ්මාවශේෂවලින් කොටසක් කොළඹ පොදු සුසානභූමියේ හේවාවිතාරන පවුලේ මිහිදන් භූමියේ තැන්පත් කර ඇති වගට පළවෙන ප‍්‍රවෘත්තිය සාවද්‍යය. ලංකාවට ගෙන එන ලද භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ පිරිවෙන ඉදිරිපස පිහිටි අනගාරික ධර්මපාල භාරයේ මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති අනගාරික ධර්මපාලයන්ගේ පිළිරුව යටය.