පවුල සහ ප‍්‍රතිලාභීන්

අනගාරික ධර්මපාලයන්ගේ මෑණියන්

මල්ලිකා හේවාවිතාරණ

(1846 සිට – 1936 ජූලි 27 දක්වා)

මල්ලිකා අනගාරික ධර්මපාලයන් ගේ මෑණියන් වනාහි එම පවුලේ ප‍්‍රධාන මාතෘත්වය හිමි කාන්තවය. ඇය හැදී වැඞී තිබුණේ බෞද්ධ සාරධර්ම සහ භක්තිමත් පරිසරයකය. ඇයගේ පියාණන් වූ අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන එවකට කොළඹ විසූ ධනවත් බෞද්ධයෙකු වූ අතර බෞද්ධ ආගමේ පුනරුදය සඳහා පුරෝගාමී වූවෙකි. ඔහු කොළඹ මරදානේ මාලිගාකන්ද ප‍්‍රදේශයෙන් විශාල ඉඩම් කොටසක් විද්‍යෝදය ප‍්‍රාචීන විද්‍යාලය ගොඩනැගීමට ලබා දුන් අතර ප‍්‍රථම භික්‍ෂු විද්‍යාලය ඉදිකිරීම කටයුතු සඳහා මුදලින්ද දායක විය. මෙම විද්‍යාලයේ භාරකාරත්වය එම යුගයේ බහුශ‍්‍රත, විද්වත් භික්‍ෂු නමක් වූ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමි කටයුතු කළේය. ප‍්‍රමාණවත් ධන සම්පත්වලට උරුම කම් තිබුණත් මල්ලිකා තම ජීවිතය ගත කළේ මධ්‍යස්ථ සහ පරිත්‍යාග කිරීම, ආචාර ධර්මවලින් පිරීගිය රටාවක් තුළය. අනගාරික ධර්මපාලයන් තම දින පොතක සටහන් තබමින් කියා සිටියේ තමා තුළ බෝධියේ බීජය තැන්පත් කළේ තම පියාණන් දා වුවත් ඔහුගේ මව විසින් සතිපතා අවවාද අනුශාසනා කරමින් අනිත්‍ය පිළිබඳ ධර්මකාව්‍ය ඔහු සිත තුළ කාවැද්¥ බවත්ය. ඇයගේ මධ්‍යස්ථ දිවි පැවැත්ම අනගාරික ධර්මපාලයන්ට වැටහුණේ දෙවිවරු විසින් තමා සිය පවුල වෙතම ඇද බැඳ තැබීම වලක්වාලීමට කරන ලද්දක් සේය. ඇයගේ මිනිබිරිය වූ මානෙල් හේවාවිතාරණ රත්නතුංග 2012 දී තම මී මිත්තනිය පිළිබඳ මතකයන් සඳහන් කරමින් ලියා ඇත්තේ අපි සෑම සතියකම අපගේ මී මිත්තණිය වූ මල්ලිකා බැලීමට අපට සමීප වූ ඇලෝසි ඇවනිව් වෙත ගියෙමු. ඉතාම මහලූව සිටි මල්ලිකා සුදු සාරියකින් සහ දිගු අත් ඇති සුදු හැට්ටයකින්ද සැරසී ඉතා සන්සුන් මුහුණකින් සුදු පැහැති අසුනක වාඩිගෙන සිටියා

img

ඇය වටා අප නොහඳුනන විශාල පිරිසක් ගැවෙසමින් සිටියා ඇයගේ මුළුතැන් ගේ පරිශ‍්‍රයේ විශාල ප‍්‍රමාණයේ අලි බබා ජල භාජන දෙකක් ළිප් මත උණුවෙමින් පැවතුණා. ඉන් එකක වූ උණු වතුර හි`ගන්නන් සෝදා පිරිසිදු කිරීමට වන අතර අනික් භාජනයේ ඔවුනට කෑමට දීම සඳහා බතක් පැසෙමින් තිබුණා. මට දැන ගන්නට ලැබුණ අන්දමට එම සි`ගන ස්ත‍්‍රීන්ගේ උකුණු පිරී ගිය කෙස් වැටි කපා දමා ඔවුනට ජල ස්නානයෙන් පසුව ඇඳ ගැනීමට අයගේ වටිනා රෙදි පිළි ඔවුනට දුන් බවය.

මල්ලිකා සම අදහස් ඇති කාන්තාවන් පිරිසක් සහයට ගනිමින් මල්ලිකා අනාථ නිවාස සමිතිය 1920 දී ආරම්භ කරනු ලැබුයේ ඇයගේ බාල පුත් වූ වෛද්‍ය චාර්ල්ස් හේවාවිතාරණගේ ධන පරිත්‍යාගයෙන් කොළඹ බම්බලපිටිය ප‍්‍රදේශයේ ඉඩමක් සහ ගොඩනැගිලි මිලදී ගැනීමෙනි. මෙම සංවිධානය අද මල්ලිකා නිවාස සමිතිය යනුවෙන් හැඳින්වන අතර එය මල්ලිකා නිවාසය, ස්නෙහ ළදරු සංවර්ධන මධ්‍යස්ථානය, සහ පරාක‍්‍රම ළදරු සංවර්ධන මධ්‍යස්ථානය ද පාලනය කරනු ලබයි.

මල්ලිකාගේ ජීවිතය ඛේදවාචක කිහිපයක් නිසා අඳුරු විය. ඕ තොමෝ තම පුතුන් බි‍්‍රතාන්‍ය පාලකයින් අතින් පීඩාවට පත්වන අයුරු දැකීමට ජීවත් විය. ඔවුන් රටින් පිටුහල් කිරීමට සහ සිපිරි ගෙවල්වල ලැගීමට සිදුවීමත් තම දරුවන් සැම දෙනාගේම මියැදීම් පවා තම ජීවිත කාලයේ දීම දැක ගැනීමටත් ඇයට සිදුවිය.