පවුල සහ ප‍්‍රතිලාභීන්

අනගාරික ධර්මපාලයන්ගේ සහෝදරිය

දෝන එංගල්තිනා මුණසිංහ

(1866 සිට – 1902 දක්වා)

අනගාරික ධර්මපාලයන්ගේ එකම සොහොයුරිය වූයේ එංගල්තිනාය. ඇය විවාහ වූයේ මාතර වල්ගම ජේකොබ් මුණසිංහ සමගය. ඔහු පවුල තුළ සජීවීව කටයුතු කරමින් පවුලේ ව්‍යාපාර කටයුතු වගකීම් සහ බෞද්ධාගමික කටයුතුවලට උර දෙමින් අනගාරික ධර්මපාලයන්ගේ බාල සහෝදරයින් වූ එඞ්මන්ඞ් සහ චාල්ස්හට ඔවුනගේ පියා වූ දොන් කරෝලිස් ගේ ඇවෑමෙන් පසු නිරතුරුවම සහයෝගය දක්වන ලදී. ඔහු කොළඹ රාජගිරියේ පිහිටා තිබූ හේවාවිතාරණ රෙදිපිළි පුහුණු පාසැලේ අධ්‍යක්‍ෂක කෙනෙකු විය. මෙම පාසල දොන් කරෝලිස් මියයන විට කරන ලද ඉල්ලීමක් අනුව බෞද්ධ තරුණයින්ගේ කාර්මික කුසලතා ප‍්‍රගුණ කිරීම සඳහා ආරම්භ කරන ලද්දකි. එන්ගල්තිනාගේ වයස 36 දී සිදුවූ අකල් මරණය ඒ වන විට තරුණ දුවක හා සොහොයුරියකගේ අකල් මරණ නිසා දුකින් පසුවන පවුලකට දරා ගත නොහැකි විය. එංගගල්තිනාගේ පුත‍්‍රයන් සිව් දෙනාම ජේකොඩි විසින් මහත් ආදරයෙන් රැක බලා ගන්නා ලදී. එංගන්තිනාගේ මෑණියන් සහ සහෝදරයන්ද ඔහුට මේ කර්ත්‍යයේදී මහත්සේ සහය වූහ. වැඩිමල් පුත‍්‍රයන් වූ සනත්, කුමාරදාස සහ පියදාස හේවාවිතාරණ පවුලේ මුණබුරන් ලෙස තම පියාට සහ මාමා වූ චාර්ලිස්ටත් උපරිම අන්දමින් සහයෝගය දෙමින් දොන් කරෝලිස් සහ පුත‍්‍ර සමාගමේ අභිවෘද්ධිය සඳහා එඞ්මන්ඞ් සහ සයිමන්ගේ ඇවෑමෙන් මහත් වැඩ කොටසක් ඉටු කළහ.

.

img