බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමය



බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමය

බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමය ආරම්භ කරන ලද්දේ 1926 ජුලි මස 24 වන දිනය. ලන්ඩන් නුවර බෞද්ධ විහාරයේ ආරම්භක දිනය වූයේ ද මෙම දිනමය. මෙම කර්තව්‍යයේ ප්‍රධාන අරමුණ වූයේ ලන්ඩන් නගරයේ විහාරස්ථානයක් ස්ථාපිත කිරීම සහ බටහිර රටවල බුද්ධාගම ප්‍රචලිත කිරිමයි.

මෙම සංගමයේ (MBBS) හි ආදි කර්‍තෘවරුන් වූයේ අනගාරික ධර්‍මපාලතුමා, මේරි ෆොස්ටර් රොබින්සන් මැතිනිය සහ බ්‍රිතාන්‍යයේ තායිලන්ත තානාපතිවරයාය. 1934 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම සංගමය මගින් යුරෝපයේ පැවති විශාලතම ජනතා රැස්වීම සංවිධානය කරන ලදී. එය “යුරෝපීය බෞද්ධ කොන්ග්‍රසය” නමින් හඳුන්වනු ලැබීය.

1985 වකවානුවේදී මෙම විහාරස්ථානයේ ප්‍රධාන සංඝයා වහන්සේලා අතරත්, එම සංඝයා වහන්සේලාට සහය දුන් ගිහි පිරිස් අතරත් ගැටුම් ඇති විය. ඒ අතුරින් එක් ප්‍රධාන සංඝයා වහන්සේ නමක් මහා බෝධි සංගමයේ නායක ස්වාමීන්වහන්සේ වූ අතර උන්වහන්සේ සහ අනුගාමිකයෝ විහාරයේ අයිතිය සඳහා නීතිමය ඉල්ලීමක් කළෝය. මෙම ගැටුම කෙතරම් තියුණු වීද යත් එය උසාවිය දක්වා දීර්ඝ කෙරිණ. 1986 මාර්තු මස මෙම සිද්ධිය අධිකරණය ඉදිරියට පමුණුවන ලදී. 1986 මාර්තු මස දියත් කරනු ලැබූ නඩුව අවසාන වූයේ 1991 වසන්ත ඍතුවේදීය. 1991 බ්‍රිතාන්‍ය අධිකරණයේ තීරණය වූයේ අනගාරික ධර්‍මපාල භාරයට පක්ෂවය. එම ඉහළ උසාවියේ තීරණය අනුව ශ්‍රී ලංකාවේ අනගාරික ධර්‍මපාල භාරය ප්‍රසිද්ධ අයිතිකරුවන් ලෙස නම් කරන ලදී. එම විනිශ්චයට අනුව ප්‍රධාන සංඝනායක වහන්සේ හට විහාරයේ අයිතියක් නොමැති බව ප්‍රකාශ කරන ලදී. එම අභියාචනය නිශ්ප්‍රභා කරන ලදී.

මේ අනුව බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමය (BMBS) අධිකරණයේ තීන්දුව පිළිගත් අතර නව පාලන පනත අනුව අනගාරික ධර්‍මපාල භාරය එහි ප්‍රධාන කාර්යාලය ලෙස ලන්ඩන් බෞද්ධ විහාරය මේ දක්වා පවත්වාගෙන යනු ලැබේ.


පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි- ආගම, අයිතිවාසිකම් සහ සංහිඳියාව:
ගැටුමෙන් පසු සුවය සොයා ගැනීම



බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය:

• සුදම්මික හේවාවිතාරණ මහතා
• රජීව් හේවාවිතාරණ මහතා
• සිංහ රත්නතුංග මහතා
• සුදන්ත අබේකෝන් මහතා
• අමල් අබේවර්ධන මහතා - ලේකම්
• නිහාල් වීරසේන මහතා

වැඩිදුර විස්තර සදහා බ්‍රිතාන්‍ය මහා බෝධි සංගමයේ වෙබ් අඩවිය