පර්යේෂකයින්/විද්වතුන් සඳහා තොරතුරු



පර්යේෂකයින්/විද්වතුන් සඳහා තොරතුරු

අනගාරික ධර්මපාල තුමන්ගේ ජීවිතය ඔහුගේ ක‍්‍රියාකාරකම් සහ ඒවායේ ඇති බලපෑම පිළිබඳව නිරන්තරයෙන් විකාශනය වන කතිකාව සඳහා දායක වීමට පර්යේෂකයින්/ විද්වතුන් උනන්දු කරවීමටත් ඔවුනට සහයෝගය දැක්වීමටත් මෙම භාරය කටයුතු කරයි. අනගාරික ධර්මපාල තුමන්ගේ දින පොත් සටහන්වල අත්පිටපත් ලබාගැනීම සඳහා හෝ එතුමාගේ කෘතීන් සහ ප‍්‍රකාශන පොත් යනාදිය සඳහා හෝ එතුමාගේ කෘතීන් සහ ප‍්‍රකාශන පොත් යනාදිය සඳහා ප‍්‍රවේශයක් ලබා ගැනීමට විද්වතුන් භාරය විසින් පවත්වා ගෙන යනු ලබන පුස්තකාලය වෙත අයදුමක් කළ යුතුය. ඒ සඳහා ලිපියක් ඊ තැපැල් මගින් සභාපති, භාරය වෙත ඉල්ලූමක් කළ යුතුය. එම අයදුම් පතෙන් පර්යේෂකයා සම්බන්ධ අදාළ ආයතනයේ නම ප‍්‍රධාන අයදුම්කරුගේ නාමය සහ අනෙකුත් අයගේ නාමයන් සඳහන් විය යුතුය.

භාරය සතු පුස්තකාලය සෑම දිනකම උදෑසන 10.00 සිට සවස 03.30 දක්වා විවෘතව ඇත. (පැමිණීමට පෙර කාර්යාලයෙන් විමසන්න)_



මූලාශ්‍ර:

Sangharakshita, B (1952), Angarika Dharmapala: A Biographical Sketch, Buddhist Publications Society, Kandy (1983 printing).

Guruge, Ananda P (1965) Return to righteousness: a collection of speeches, essays, and letters of the Anagarika Dharmapala, Anagarika Dharmapala Birth Centenary Committee, Ministry of Education and Cultural Affairs, Ceylon

Ratnatunga, S (1991), They Turned the Tide – 100 Year History of the Maha Bodhi Society of Sri Lanka, Government Press, Colombo.

Saroja, G V. (1992). "The Contribution of Anagarika Devamitta Dharmapāla to the Revival of Buddhism in India." Buddhist Themes in Modern Indian Literature, Madras : Inst. of Asian Studies. 27–38.

Kemper, S (2015), Rescued from the Nation, Anagarika Dharmapala and the Buddhist World, The University of Chicago Press, Chicago and London.

Amunugama, Sarath, (2016) Lion's Roar: Anagarika Dharmapala & the Making of Modern Buddhism, Colombo: Vijitha Yapa Publications.

img