පවුල සහ ප‍්‍රතිලාභීන්

අනගාරික ධර්මපාලයන්ගේ පියා

මුදලියාර් එච්. දොන් කරෝලිස්

(1833 සිට – 1906 පෙබරවාරි 18 දක්වා)

දොන් කරෝලිස් හේවාවිතාරණ අනගාරික ධර්මපාලයන්ගේ පියා ලංකාවේ ඈත දකුණු කෙලවරේ මාතර හිත්තැටිය යටියන ග‍්‍රාමයේ ධනවත් ඉඩම් හිමියකු වූ හේවාවිතාරණ ඩිංගිරි අප්පුහාමිගේ පුත‍්‍රයන් දෙදෙනාගෙන් එක් අයෙකි. නූතන හේවා විතාරණ පවුලේ මහ ගෙදර අප්පොච්චි ලෙස ඔහු හැඳින්විය හැකිය. මුල් අවධියේ සිටම ගමේ පංසල සමග ඔවුනගේ බැඳීම තවත් වර්ධනය වූයේ දොන් කරෝලිස් සහ ඔහුගේ සොහොයුරා ද තම අධ්‍යාපනය ලැබුවේ හිත්තැටිය රාජ මහා විහාරයේ පූජ්‍ය මිරිස්සේ රේවත තෙරුන්ගෙන් නිසාය. ඔහුගේ සොහොයුරා හිත්තැටියේ අත්ථදස්සි නමින් පැවිදි විය. ඉන් පසුව හෙතෙම හිත්තැටියේ රාජ මහා විහාරයේ විහාරාධිපති විය.

දොන් කරෝලිස් කොළඹට සපැමිණ එවකට කොළඹ පදිංචි ඉතා ධනවත් ව්‍යාපාරිකයෙකු වූ අන්දිරිස් පෙරේරා ධර්ම ගුණවර්ධන ගේ දියණිය වූ මල්ලිකා සමග විවාහ වී එච්. දොන් කරෝලිස් සහ පුත‍්‍රයෝ සමාගම ආරම්භ කරන ලදී.

img

පිටකොටුවේ පිහිටි මෙය ගෘහභාණ්ඩ අලෙවි කරන සාප්පුවකි. ආරම්භයේ දී ඉතා කුඩා වෙළෙඳ සැලක් වූ මෙය ඉක්මනින් විශාල සහ සුප‍්‍රසිද්ධ කර්මාන්ත සමාගමකට හැරුණි. එම වෙළෙඳ සැල 19 සහ 20 යන ශත වර්ෂවලදී ලංකාවේ සහ ආසියාවේ ප‍්‍රමුඛ ව්‍යාපාරයක් බවට පත්වන ලදී. දොන් කරෝලිස් සතුව තිබූ තීක්‍ෂණ ව්‍යාපාර බුද්ධිය හේතුවෙන් ලෝප‍්‍රකට වූ එච්. දොන් කරෝලිස් සහ පුත‍්‍ර සමාගම 1886 දී පමණ දොන් කරෝලිස් සමාගම තම නිෂ්පාදන ඕස්ටේ‍්‍රලියාව වෙත අපනයන කිරීමට තරම් දියුණු තත්ත්වයක පිහිටා සිටියේය.

1895 දී ඉන්දු - අප‍්‍රිකානු වෙළෙඳ සම්මුතියක් ලන්ඩන් නුවරදී ඇතිකර ගැනීමෙන් පසුව දකුණු අප‍්‍රිකාව සමග මහා පරිමාණ ගෘහභාණ්ඩ අපනයන ක‍්‍රියාවලියක යෙදීමට හැකිවිය. තම සමාගමේ ප‍්‍රථම වැඩපළ ස්ටීම් ෆනිචර්වර්ක්ස් නමින් කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටු වන ලදී. ශත වර්ෂය අග භාගය වන විටදී එච්. දොන් කරෝලිස් සහ පුත‍්‍ර සමාගම තම නිෂ්පාදන ඔස්ටේ‍්‍රලියාවට පමණක් නොව, දකුණු අප‍්‍රිකාවට, ඉන්දියාවට, බුරුමයට, එංගලන්තයට යුරෝපයට සහ ඇමරිකා එක්සත් ජනපදයට ද යැවීමට තරම් ඉහළම තත්ත්වයේ භාණ්ඩ බවට ලෝක පූජිත විය. සමාගම විසින් නිර්මාණය කරන ලද ඉතා මනරම් වූද තත්ත්වයෙන් ඉහළ වූද ශෘහ භාණ්ඩ නිසාම 1901 පැවැත් වූ ලංකා කෘෂිකර්මාන්ත සහ කාර්මික ප‍්‍රදර්ශන වලදී ද ඉන්දීය කර්මාන්ත ප‍්‍රදර්ශනයේදීද සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම ගෘහභාණ්ඩ වලට රන් සහ රිදී පදක්කම් දිනාගැනීමට හැකිවිය. එලෙසම 1900 පැරිසියේ පැවැත් වූ ප‍්‍රදර්ශනයකදී මෙන්ම 1904 සැන්ට් ලූවී ප‍්‍රදර්ශනයේදී ද පදක්කම් දිනාගැනීමට සමත්වීය.

තම වැඩිමහල් පුත‍්‍රයා වූ ඬේවිඞ් කෙරෙහි දොන් කරෝලිස් පෑ බලපෑම මැනීමට නොහැකිය. අනගාරික ධර්මපාලයන් තම දින පොතේ යෙ¥ සටහනකින් මෙසේ ලියයි. ”මා සිත තුළ බෝධිය නම්වූ ධර්ම බීජය රෝපනය කළේ මගේ පියාය.” බ‍්‍රහ්මචර්යාව කෙරෙහි පසක් වීමට ඔහු උනන්දු කළේ ද ලෞකික දේ පිළිබඳ ආශා අත්හැර ඒවා මත නොයැපෙන්නටත් නිහතමානීකම වඩන්නටත් ගුරු හරුකම් දුන්නේ දොන් කරෝලිස් මහතාය. දොන් කරෝලිස් ඔහුගේ පුතාගේ බෞද්ධ පුනරුදය සඳහා කරන කටයුතුවලදී සහ අඩු වරප‍්‍රසාද ලත් ජනතාව නගා සිටුවීමට ඔහු ගන්නා පියවරයන් හිදී ඔහු නොමසුරුව වියදම් කළේය. අනගාරික ධර්මපාල විසින් ලංකාවේ ආරම්භ කරන ලද පාසල් සහ කාර්මික විද්‍යාලයන්ට ද සාරාණාත්හි මූල ගන්ධ කුටිය අත්පත් කර ගැනීමේ නඩු කටයුතු වෙනුවෙන් ද සාරණාත්හි ඉඩම් කොටසක් මිලදී ගැනීම් කටයුතු සඳහා ද මුදල් දුන්නේ දොන් කරෝලිස්ය.

1884 ජනවාරියේදී බෞද්ධාගම ආරක්‍ෂක කමිටුව (කොළඹ කමිටුව යනුවෙන් ද හඳුන්වන ලද* කර්නල් ඔල්කොට් තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි පරමාර්ථයක් වූයේ වෙසක් පුන් පොහෝ දිනය නිවාඩු දිනයක් ලෙසින් නැවත දිනා ගැනීමය. මෙහෙයුම් කමිටුවේ උප සභාපති බවට දොන් කරෝලිස් තේරී පත්විය. ඔහුගේ මාමණ්ඩිය එහි සභාපති තනතුරට පත්විය. 1885 දී වෙසක් පෝය දින නිවාඩුව නැවත දිනා ගන්නා ලදී. එය යටත් විජිත පාලන කාර්යාල මගින් සිදු කළ අතර කමිටු සාමාජික මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් කොටහේනේ දීප දුත්තමාරාමයේ දී බෞද්ධ කොඩිය ඔසොවන ලදී. 1906 උන්වහන්සේ අපවත් වීමෙන් පසුව කලින් අභිමතය පළකර තිබුණ ආකාරයෙන් අනගාරික ධර්මපාලතුමන් හට එම බෞද්ධ ¥ත මෙහෙවරෙහි යෙදීමට බල පැවරුණි.