ප්‍රතිලාභීන්

මේරි ජොබින්සන් ෆොස්ටර්

මේරි රොබින්සන් ෆොස්ටර්

(1844 සැප්තැම්බර් 20 සිට – 1930 දෙසැම්බර් 19 දක්වා)

මේරි එලිසබෙත් මිකහලා රොබින්සන් 1844 සැප්තැම්බර් 20 දින හොනලූලූහී. උපත ලැබීය. ඇගේ දෙමාපියන් වූයේ නාවික අනතුරකින් පසුව මුහුදු බත් වූ නැවක ඉංගි‍්‍රසි ජාතික නාවිකයෙක් වූ ජෝන් ජේම්ස් රොබින්සන් සහ සුප‍්‍රසිද්ධ හවායි රජු වූ කාමහමේහා පරම්පරාවෙන් පැවත ආ රෙබෙකා කයිකිලානි ප‍්‍රීවරය. මේ අනුව අවුරුදු හයකින් වැඩිමල් වූ ලිලීපුනලානී රැජින මේරිගේ ඥාතියකු වූ අතර රජතුමාගේ සමීපතම මිතුරෙකු විය. 1866 දී මේරි රොබින්සන් නෝවාස්කෝටියාහි තෝමස් ආර්ගොස්ටර් (1835-1889* සමග විවාහ වූ අතර ඔහු මීට වසර තුනකට පමණ පෙර ¥පත් වෙත පැමිණි අයකුය. ඔහු ඉන්ටර්ස්ලන්ඞ් වාෂ්ප නාවික සමාගම ආරම්භ කළ අතර නැව් අංගනයක් නැව් ඒජන්සියක් සහ රුවල් නැව් ගණනාවක් ඔහුට අයත් විය. ඇය ඉතා ධනවත් වැන්දඹුවක් කරමින් ඔහු 1889 දී මියගිය අතර 1876 තම පියාගේ අභාවයෙන් පසුව සැලකිය යුතු දේපලක් ද ඇයට උරුම විය.

ඇගේ සැමියාගේ මරණින් පසුව මේරි පරම විඥානාර්ථය කෙරෙහි උනන්දුවක් දැක්වූ අතර 1882 මැයි 12 දින පරම විඥානාර්ථ සමිතියට බැදුනි. මුලදී සැන්ප‍්‍රැන්සිස්කෝ

img

හෝල්ඩන් ගේට් ශාඛාවේ සාමාජිකාවක් වූවාය. ඇය වැඩි කල් නොගොස් හොනලූලූ හි දේශන හා පන්ති සංවිධානය කළාය. ඇය 1894 පෙබරවාරි මාසයේදී ඇලෝහා ශාඛාව සංවිධානය කිරීමට උදව් කළාය. මේරි ෆොස්ටර් යනු අනගාරික ධර්මපාලගේ ප‍්‍රමුඛතම සහදායිකාව වූ අතර ඇයගේ ධනය විශාල ප‍්‍රමාණයක් ඔහුගේ විවිධ අරමුණු හා මෙහෙවර වෙනුවෙන් කැප කළාය. 1893 දී ආගම් සම්බන්ධ පාර්ලිමේන්තුව පිහිටු වීමෙන් පසුව ජපානය හරහා ලංකාවට ආපසු යන අතර මගදී (හවායිහිදී* අනගාරික ධර්මාපාලයන් ගමන් කළ වාෂ්ප බලයෙන් ධාවනය වන ‘‘ ඕෂනික්’’ නම් වූ යාත‍්‍රාව හොනලූලූ වරායේ (හවායි* නැංගුරම් ලා තිබුණි. එහිදී මේරි ෆොස්ටර් අනගාරිකට මුණගැසීමෙන් පසු ඇති කරගත් මිත‍්‍රත්වය පුරා වසර 40ක් දක්වා දිව ගියේය. පරම විඥානාර්ථයෙකු වශයෙන් අනගාරික ධර්මපාලයන්ගේ කෘති හා ලේඛන ඔවුන් හමුවීමට බොහෝ කලකට පෙර සිටම මේරිෆොස්ටර් කියවා තිබීම හේතුවෙන් ඇය තම සැමියාගේ වියෝවීම පිළිබඳ ශෝකය ද හවායි හි රාජාණ්ඩුව බලයෙන් පහ කිරීම පිළිබඳව දැඩි කෝපයද ජයගැනීමට එම ශ‍්‍රද්ධාව උපකාරී වූ බව කියනු ලැබේ. අනගාරික ධර්මපාල බෞද්ධ භාවනාවේදී ඇයට මග පෙන්වීමක් ලබා දීතිබුණි. මෙය ඇගේ ජීවිත කාලය පුරාවටම ඇය බුද්ධාගම කෙරෙහි ඇගේ පැවති උනන්දුව සහ සහයෝගය අවදි කිරීමක් විය. විශේෂයෙන්ම ඉන්දියාවේ සාරාණාත් හි මූලගන්ධි කුටි විහාරය ඉදිකිරීම සඳහා ඇය මූල්‍යාධාර සැපයීම අනගාරික සිය දින පොතේ ලියා ඇති පරිදි ඔහු තුළ බුදු දහමේ බෝධිය ස්ථාපනය කළේ ඔහුගේ පියා වූ අතර මව ඔහුට වැදගත් කම පිළිබඳ ධර්මය ඉගැන්වූ අතර පියාගේ මරණයෙන් පසුව සහාය දැක්වූයේ මේරි ෆොස්ටර්ය. මෙය ධර්මයේ බලවේගයන්ගේ ක‍්‍රියාකාරිත්වය බව ඔහු විශ්වාස කළේය. ධර්මය හැර වෙන කිසිවක් නැත ධර්මය තදින් පිළිපැදීම මගේ මූලික ප‍්‍රතිපත්තියය. ධර්මය මාව ආරක්‍ෂා කරයි. ධර්මය මා ෆොස්ටර් මහත්මිය වෙත ගෙන ආවේය.

1913 දී අනගාරික ධර්මපාල විසින් මේරි ෆොස්ටර් හට අනුරාධපුරයේ ශ‍්‍රී මහා බෝධියේ අංකුරයක් තෑගි කළ අතර එය බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ”බෝ” ගසෙන් (ෆිබ්ස් රිල්ජියෝසා* ඍජුවම, පැවත එන්නකි. ඇගේ ගෙවත්තේ මුල් බැසගත් ගසෙන් තවත් බෝ ගස් කිහිපයක් හවායි බෞද්ධ විහාරයන්හි වෙනත් උද්‍යානවලට සහ හවායි විශ්වවිද්‍යාලය - මනෝවා මණ්ඩපයට ලබා දී ඇත. 1930 දී ඇය මිය යන විට ඇගේ දේපළ එහි පළමු උද්භිද උද්‍යානය වන ෆොස්ටර් උද්භිද උද්‍යානය ලෙස හොනලූලූ නගරයට පවරා දෙන ලදී. මෙම බෝ ගස දැන් එහි නුවානු දිය කඩිත්ත අසල සරුවට වැඞී ඇත.

මේරි ෆොස්ටර් විසින් පන්සල් පිහිටුවීමට සහ ඉන්දියාවේ සහ ලංකාවේ බෞද්ධ විහාරස්ථාන අලූත් වැඩියා කිරීමට සහ දකුණු ආසියාවේ සහ හ්වායි හි පාසල් රෝහල් සහ පුහුණු වැඩ සටහන් රැසකට අරමුදල් සපයන ලදී. සමහර වාර්තාවන්ට අනුව ඇය වර්තමාන ප‍්‍රමිතීන් අනුව අමෙරිකානු ඩොලර් මිලියන 10කට වඩා බෞද්ධ අරමුණු වෙනුවෙන් පරිත්‍යාග කළාය. ඇය සහය දුන් ව්‍යාපෘති කිහිපයක් මේවාය.

x ඉන්දියාවේ සාරාණාත් හි මූලගන්ධි කුටි විහාරය ඉදකිරීම
x කොළඹ රාජගිරියේ ඉංග‍්‍රීසි සිංහල නිදහස් පාසල
x හේවාවිතාරණ රෙදි විවීමේ පාසල
x කොළඹ මහ බෝධි මුද්‍රණාලය සහ එහි සිංහල සහ ඉංග‍්‍රීසි ස`ගරා
x සාරානාත් හි කාර්මික පාසල
x දිළිඳුන් සඳහා වූ ෆොස්ටර් - රොබින්සන් රෝහල ශ‍්‍රී ලංකාවේ කොළඹ මහ රෝහලේ කොටසක පිහිටි නිදහස් ආයුර්වේද රෝහල. 1814 ආරම්භ කල මෙම රෝහල වර්තමානයේ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ (ජාතිකපොල ඉදිරිපිට) පවත්වාගෙන යනු ලැබේ.
x ඉන්දියාවේ කල්කටාවේ පිහිටි ධර්ම රාජික විහාරය
x ලන්ඩනයේ ඊලිංහී මැඩලි පාරේ අංක 86 පිහිටි ෆොස්ටර් හවුස් ආසියානු මහාද්වීපයෙන් පිටත ආරම්භ කරනු ලැබූ ප‍්‍රථම ධර්ම¥ත විහාරය ලෙස 1926 ජුලි මස 24 වන දින විවෘත විය. මෙය බි‍්‍රතාන්‍ය මහා බෝධි සමිතියේ උපතද සනිටුහන් කළේය.

මේරි ෆොස්ටර් සහ අනගාකරි ධර්මපාලයන් අවසන් වරට මුණ ගැසුණේ 1925 දීය. අනගාරික ධර්මපාල භාරය විසින් සැම වසරකම දෙසැම්බර් මස 19 වන දින ඇයගේ ගුණානුස්මරණය වෙනුවෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට දානයක් පිරිනමනු ලැබේ. 2019 දී ලන්ඩන් බෞද්ධ විහාරය විසින් අනගාකරි ධර්මපාලයන්ගේ 155 යන ජන්ම සංවත්සරය සැමරුවේ කොටසක් වශයෙන් විහාර ශාලාවේදී මේරි ෆොස්ටර්ගේ චිත‍්‍රයක් නිරාවරනය කරන ලදී.