මල්ලිකා නිවාස සමිතිය



මල්ලිකා නිවාස සමිතිය

අසරණ අයට පිහිටවීම
සීමා සහිත මල්ලිකා නිවාස සමිතිය 1920 වසරේදී මල්ලිකා හේවාවිතාරණ විසින් පිහිටුවනු ලැබීය. මල්ලිකා හේවාවිතාරණ යනු අනගාරික ධර්‍මපාලතුමාගේ මෑණියෝය. එය රාජ්‍ය නොවන (NGO) සංවිධානයකි. මෙම සමිතියේ ප්‍රධාන අරමුණ වූයේ වියපත් අනාථ කාන්තාවන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීමත්, අනාථව දෙමාපියන් නොමැතිව අසරණව සිටින දරුවන් හට රැකවරණය සහ ජීවත්වීමට වාසස්ථානයක් සැලසීමත්ය.

විද්‍යුත් තැපෑල: mallikahome5@sltnet.lk

මෙය රජයෙන් අනුමත කරන ලද පුණ්‍යායතනයකි. ගැසට් #10889 – 1956/02/03 දින දරණ ගැසට් නිවේදනය.
අසරණ අයට අතදීමේ පරමාර්ථය මුල් කර ගෙන වයස් ගත කාන්තාවන් සහ දරුවන් හට රැකවරණය සලසමින් ඒ අයට නිවාස පහසුකම් සහ ආරක්ෂිව සලසමින් ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ක්‍රියා කරන ආයතනයකි.

අපගේ අරමුණ (Mission)

ඉහත දක්වන ලද වියපත් කාන්තාවන් හට ශාන්ත වටපිටාවකින් යුත් සියලු සුවපහසුකම් සහිත නිවාස පහසුකම් සපයමින් ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපුරණ අතර ඔවුන්ගේ ස්වාධීනත්වයද රැක ගනිමින් ජීවත් වීමට සැලැස්වීම. ලාබාල වියේ සිටින දරුවන් හට ඔවුන්ගේ ජීවන නිපුණතා දියුණු කර ගෙන වටිනා ගුණධර්‍ම වැඩීමට අවශ්‍ය වටපිටාවක් සකස් කිරීම.

අපගේ දැක්ම (Vision)

අපගේ දැක්ම වන්නේ සුවපහසුකම් අඩු වැඩිහිටියන් සහ දරුවන් හට ධනාත්මක ගුණධර්‍ම වලින් යුත් ජීවන රටාවක් ගොඩනගා ගැනීමට අවස්ථා සලසා දීමය.

අපට සහයෝගය දෙන්න.
අපගේ කාර්යයන් හා එක්වන්න.

අප විසින් පවත්වාගෙන යනු ලබන වැඩිහිටි කාන්තාවන්ගේ හා දරුවන්ගේ නිවාස (ගෙවීමකින් තොරව සපයනු ලබන) ඉදිරියටත් කර ගෙන යාමට සහයෝගය දක්වන ලෙස ඉල්ලා සිටිමු. මෙම නිවාස සඳහා රජයෙන් සපයනු ලබන්නේ ඉතා සුළු මුදලකි. එම දීමනාව මෙම නිවාස නඩත්තු කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට ප්‍රමාණවත් නොවේ. දේශීය හා විදේශීය පුණ්‍යවන්තයින් විසින් මෙම නිවැසියන් හට අවශ්‍ය පහසුකම් සඳහා මූල්‍යාධාර ලබා දෙනු ලැබේ. ඉදිරි අනාගතයේදී මෙම කාර්යයන් සඳහා ඔබ සැමගේ නොමසුරු ආධාරද ඉතසිතින් බලාපොරොත්තු වන අතර වියපත් සහ අසරණ වූ මෙම වැඩිහිටියන් හට පිහිට වන ලෙස ආයාචනා කරමු.

නවතම තොරතුරු (Latest News)

මේ වසරේ අපගේ සංගමය එහි ශතවර්ෂ පූර්ණය සමරනු ලැබේ. ඒ අවස්ථාව පදනම් කරගෙන අනගාරික ධර්‍මපාලතුමාගේ මෑණියන් වන අපගේ සංගමයේ ආදි කර්‍තෘවරිය වන මල්ලිකා හේවාවිතාරණ මැතිනියගේ අනුස්මරණීය වැඩසටහන් රාශියක් පෙළ ගස්වා ඇත.

ඔක්තෝබර් මස 08 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජැස්මින් ශාලාවේදී (Jasmine Hall) “සියවසක ජයග්‍රහණය” නමින් වැඩසටහනක් පැවැත්වේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා වන අතර කරූ ජයසූරිය මැතිතුමා විශේෂ ආරාධිත අමුත්තා ලෙස හැඳින්වේ. එම අවස්ථාව මුල් කර ගෙන විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරන අතර සමරු සඟරාවක්ද එළි දැක්වේ. එම සඟරාවේ ඇතුලත් වන කරුණු අතර “අවුරුදු සියයක අමරණීය ගමන් මග” යන ලේඛනය අගමැති තුමා හට පිරිනමනු ඇත. විශිෂ්ට සේවා සඳහා සහතිකපත් පිරිනමන අතර “සියවසක ජයග්‍රහණය” යන මාතෘකාව යටතේ පරාක්‍රම සහ ස්නේහා යන අය විසින් බහුමාධ්‍ය ඉදිරිපත් කිරීමක් එළි දැක්වේ.

2021 පෙබරවාරි මස 27 වන දින බෞද්ධ භික්ෂූන් වහන්සේලා 100 නමකට සාංඝික දානයක් පිරිනමනු ලැබේ. මෙම දිනයෙහි විශේෂත්වය වන්නේ මල්ලිකා නිවාසය ආරම්භ කරන ලද දිනය එය වන බැවිනි. එදින වැඩිහිටියන් දෙදෙනෙකු මල්ලිකා නිවාසයෙහි නේවාසිකයින් වශයෙන් මෙයට අවුරුදු 100 කට පෙර ලියාපදිංචි කොට ඇතුලත් කරන ලදී.

1920 ඔක්තෝබර් මාසයේ එක් දිනයක කොළඹ නගරයේ ප්‍රධාන බෞද්ධ ප්‍රභූවරුන් පිරිසක් කොල්ලුපිටියේ ඇලෝ ඇවිනිව් හි පිහිටි මල්ලිකා හේවාවිතාරණ මැතිනියගේ නිවසෙහි රැස් වූහ. මෙම රැස්වීමේදී මේ පිරිස එකතු වී “මල්ලිකා අනාථ නිවාස සමිතිය” පිහිටුවන ලදී. පසුව එය “මල්ලිකා නිවාස සමිතිය” යනුවෙන් නම් කරන ලදී.

පසුගිය වසර ගණනාව තුලදී විධායක කමිටු විශාල සංඛ්‍යාවක් පත් කරන ලදුව, එම කමිටු මගින් සමිතියේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට ගෙන යන ලදී. මේ වන විට අනාථ නිවාස තුනක් (3 ක්) පිහිටුවා ඇති අතර ඒ මගින් අනාථ වූවන් සඳහා වැඩිහිටි නිවාසයක්, දෙමාපියන් ජීවතුන් අතර නොමැති දරුවන් සහ ළදරුවන් සඳහා වූ නිවාසයක් සහ වැඩැහිටි කාන්තාවන් සඳහා වූ මුදල් ගෙවා නතර විය හැකි නිවාස දෙකක් පවත්වාගෙන යනු ලැබේ.

වසර දහයක පමණ කාලයක් තුල මෙම නිවාස සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලැබේ. ශත වර්ෂ පූර්ණය සැමරීම සඳහා විධායක කම්ටුව මගින් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සැලසුම් කර ඇත. මෙම ගොඩනැගිල්ල නිම කිරීමත් සමග අප විසින් මෙතෙක් සපයනු ලබන සේවාවන් තවත් වැඩිදියුණු කිරීමට හැකි වනු ඇත.

මෙම ගොඩනැගිල්ලේ සැලැස්ම, අපගේ ආයතනයෙහි සේවය කරන ගෘහ නිර්මාණ ශිලිපිනිය විසින් ඉතා කාරුණිකව සිය කැමැත්තෙන්ම සකස් කරනු ලැබ ඇත. එහි මූල්‍යමය අගය රුපියල් මිලියන 75 ක් පමණ වනු ඇත.

මෙම අගනා සේවයට දායක වන ලෙස සියලු දානපතියන් හට අපි ඇරයුම් කරමු. එසේ දායක වන දානපතියන්ගේ නම් සහ විස්තර ගොඩනැගිල්ල ඉදිරිපස ඇති පුවරුවෙහි සටහන් කරනු ඇත. (එම මූල්‍ය ප්‍රතිපාදන රු.250,000/- හෝ ඉන් ඉහළ අගයක් විය යුතුය.)


අප වෙත එවනු ලබන මූල්‍ය දීමනා අපගේ ගොඩනැගිලි අරමුදලට පහත සඳහන් ලිපිනය වෙත යොමු කරන්න.
සීමා සහිත මල්ලිකා නිවාස සමිතිය (සංගමය)
සම්පත් බැංකුව (තිඹිරිගස්යාය ශාඛාව)
බැංකු ගිණුම් අංකය: 0034 6000 1535
Swift Code: BSAMLKLX

අපගේ නිර්මාතෘවරියන් - 1920
img

ඉහත දැක්වෙන්නේ මෙම සමිතිය යථාර්ථයක් බවට පත් කළ මුල් කමිටුවේ ඡායාරූපයකි. සියලුම ආරම්භක කමිටු සාමාජිකයින්ගේ නම් 'අපගේ ඉතිහාසය' පිටුවේ ඇති බාගත කළ හැකි ඉදිරිපත් කිරීමකින් සොයාගත හැකිය.

අවුරුදු සැමරුම
යාවත්කාලීන: 2019 මැයි 28

2019 අප්‍රේල් මස 8 වන දින මල්ලිකා නිවහනේදී සිංහල අවුරුදු උත්සවය පැවැත්විණි. ස්නේහා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළදරුවන්, කමිටු සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය සමඟ වැඩිහිටියන් සාම්ප්‍රදායික ක්‍රීඩා සහ අනෙකුත් උත්සව භුක්ති වින්දා.

img

"අවුරුදු කුමරියක්" තෝරාගෙන කිරුළ පැළඳුවේ බොහෝ කල්පනා කරමිනි.

img

අපි සියල්ලෝම "දේශපාලනයක" දේශපාලන පළිගැනීමකට ලක්ව සිටිමු.

අවුරුදු සල්පිල 2019
යාවත්කාලීන: 2019 මැයි 29

අපගේ වාර්ෂික අරමුදල් රැස් කිරීමේ කඩමණ්ඩිය මාර්තු 31 වන දින පැවැත්විණි. එකතු කරන මුදල් වසරේ මැද භාගයේදී ආරම්භ කිරීමට නියමිත අපගේ නව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යොදවනු ලැබේ.

img


img
Our Story
අපේ තොරතුරු
මල්ලිකා නිවාස සමිතිය

මෙම සමිතිය ආරම්භ කරන ලද්දේ 1920 වසරේ ඔක්තෝම්බර් මස 09 වන දිනයේය. මෙදින රැස්වූ පිරිසෙහි විශේෂ අරමුණ වුයේ මල්ලිකා හේවාවිතාරණ මැතිනිය විසින් පිහිටුවන ලද බෞද්ධ සමාජ සේවා සංගමයේ දර්ශනය තවදුරටත් ඉදිරියට ගෙන යෑමයි.

මෙම සම්මානනීය කාන්තාව කරුණාබරිත එමෙන්ම මානව දයාවෙන් පිරි තැනැත්තියක් වූ අතර ඇයගේ මූලික අරමුණ වූයේ වියපත් අසරණ කාන්තාවන්ගේ සුභ සිද්ධිය සඳහා නවාතැන් පහසුකම් සහ රැකවරණය ඔවුන්ගේ දිවි ඇතිතාක් ලැබීමට සැලැස්වීමයි.

මෙම සංවිධානය මුලින් නම් කරන ලද්දේ “මල්ලිකා අනාථ නිවාස සමිතිය” ලෙසෙනි. පසුව එය “මල්ලිකා නිවාස සමිතිය” යනුවෙන් වෙනස් කරන ලදී. මෙම කර්තව්‍යය සඳහා හේවාවිතාරණ මැතිනියගේ පුත්‍රයෙකු වූ වෛද්‍ය සී.ඒ. හේවාවිතාරණගේ පූර්ණ සහයෝගය නොමඳව ලැබුණි.

For an in-depth look into our History, please download our presentation.
(වැඩි විස්තර සදහා අපගේ ඉදිරිපත් කිරීම බලන්න)
හිටපු සභාපතිනියන්
  • මල්ලිකා හේවාවිතාරණ ළමාතැනී
  • එවඩ්නි ද සිල්වා ආර්යාව
  • ඩෝරා ගිනිගේ මහත්මිය
  • සිසී ජයසිංහ මහත්මිය
  • ෆ්ලොරන්ස් පියසේන මහත්මිය
  • ඩර්බි පණ්ඩිත ගුණවර්ධන මහත්මිය
  • සිල්වියා ලියනසූරිය මහත්මිය
  • ස්නේහලතා අමරසිංහ මහත්මිය
  • ලක්ෂ්මි පෙරේරා මහත්මිය
  • චිත්‍රා හේවාවිතාරණ මහත්මිය
  • මානෙල් සමරසිංහ මහත්මිය
  • හේමන්තා නානායක්කාර මහත්මිය
  • රමණී විජේරත්න මහත්මිය
  • මල්ලිකා ජයතිලක මහත්මිය
  • ලෝරා ද මෙල් මහත්මිය
  • සොමී මීගම මහත්මිය
  • ලීලාවතී බස්නායත මහත්මිය
  • චිත්‍රා ගුණවර්ධන මහත්මිය
  • එතල් ප්‍රනාන්දු මහත්මිය
  • මානෙල් හේවාවිතාරණ රත්නතුංග මහත්මිය
  • සුසිලා සමරනායක මහත්මිය
  • ඉන්ද්‍රානි මුණසිංහ මහත්මිය
  • සුවිනීතා අමරසිංහ මහත්මිය
  • රෝහිණී අබේසේකර මහත්මිය
  • සාවිත්‍රි පීරිස් මහත්මිය
  • දමයන්ති ප්‍රනාන්දු මහත්මිය
පුණ්‍යායතන ලෙස ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන
මල්ලිකා නිවාසය

මෙය අපගේ ප්‍රධානතම ක්‍රියාකාරී මධ්‍යස්ථානයයි. කාන්තාවන් දෙදෙනෙකුගේ සාමාජිකත්වයෙන් ආරම්භ වූ මෙම නිවාසය මේ වන විට සාමාජිකාවන් සිය දෙනෙකුගෙන් පමණ යුක්ත වෙයි. 2003 වසරේදී මෙම නිවාසය බස්නාහිර පළාතේ ඇති සාර්ථක නිවාසය ලෙස ජාතික වැඩිහිටි සංසදය මගින් තෝරා ගන්නා ලදී. 2004 වසරේදී මෙම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන ලද්දේ නෝරා සහ නොයෙල් බර්තෝලමියුස් අරමුදල (Nora & Noel Bartholomeusz Fund) මගින් පිරිනමන ලද මූල්‍යමය අනුග්‍රහය තුලිනි. එසේ වුවද මෙහි මූලික ගොඩනැගිල්ල තවමත් ආරක්ෂා වී ඇති අතර එහි ඉපැරණි චමත්කාරය තවදුරටත් රදා පවතී.

මෙම නිවාසයෙහි දැනට නවාතැන් ගෙන සිටින වැඩිහිටි කාන්තාවන් සියයකට අධික පිරිස සාමකාමී ආගමික වාතාවරණයන් තුල සතුටින් පසුවෙති. මෙම නේවාසික වැඩිහිටි කාන්තාවන් සඳහා ආහාරපාන සැපයීම ත්‍යාගශීලී දානපතිනියන් විසින් පිරිනමනු ලබන අතර, බොහෝ විට එම ආහාරපාන සිය මියගිය නෑදෑයින් හට පිං පිණිස පිරිනමනු ලැබේ.

මෙහි වෙසෙන වැඩිහිටි කාන්තාවන් විවිධ ව්‍යාපෘති සඳහා සහභාගී කරවීම මෙහි විශේෂ අරමුණකි. ඒ අතර අත්කම් (හස්ත කර්මාන්ත) සහ ගෙවතු වගාව ප්‍රධාන වේ. මෙම කාන්තාවන් අතිශයින් ප්‍රිය කරන අංගයක් වන්නේ ජාතික වැඩිහිටි දිනය (ඔක්තෝම්බර් මාසයේ යෙදී ඇති) නිමිත්තෙන් සංවිධානය කරනු ලබන විනෝද චාරිකා වලට සහභාගී වීමයි. මෙවැනි චාරිකා බොහෝ විට සංවිධානය කරනු ලබන්නේද ත්‍යාගශීලී දානපතියන් විසිනි.

ස්වේච්ඡාවෙන් සිය සේවාව සපයන වෛද්‍යවරු පිරිසක් නිරතුරුවම මෙම නිවාසය වෙත පැමිණ එම නිවැසියන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද සොයා බලති. නිවාසයට අනුගතව සේවය කරන සාත්තු සේවිකාවක්ද සිටින අතර ඒ අය සඳහා වාට්ටුවක් ද පවත්වාගෙන යනු ලැබේ. එම වාටිටුවෙහි ඉතා දුර්වල වූත්, ඇවිදීමට අපහසු සයන වලට පමණක් සීමාවූ වැඩිහිටියන් ගැන සොයා බලනු ලැබේ.

වැඩිහිටි අත්තම්මාවරියන් සඳහා මූල්‍යාධාර සැපයීම

මෙම අරමුදල පවත්වාගෙන යනු ලබන්නේ වැඩිහිටි කාන්තාවන් රෝහල් ගත කළ අවස්ථාවන්හිදී ඒ අයගේ සුව පහසුව සඳහා අවශ්‍ය සාත්තු සේවිකාවන් සහ වෙනත් උපකාරක සේවාවන් සඳහා ගෙවීම් කිරිමටයි.

මානසික රෝගීන් සඳහා වූ මධ්‍යස්ථානය

මෙම අංශයට අයත් ප්‍රථම මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ 2002 වසරේ මල්ලිකා නිවාසයේය. මුලින්ම එය හෙල්ප්ඒජ් (HelpAge) වැඩිහිටි උපකාරක අංශයට සම්බන්ධව ආරම්භ වුණි. මෙහි නේවාසික කාන්තාවන් සඳහා අවශ්‍ය සාමකාමී ශාන්ත පරිසරයක් පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා විශේෂ පුහුණු කාන්තාවන්ගේ සේවය ලබා ගැනේ.

වැඩිහිටි සුභසාධක ව්‍යාපෘතිය

මෙම ව්‍යාපෘතිය 2013 වසරේදී ආරම්භ කරන ලද්දේ හෙල්ප්ඒජ් (HelpAge) අනුග්‍රහය යටතේය. මෙම ව්‍යාපෘතිය තුලින් වැඩසටහන් තුනක් (3) පවත්වාගෙන යනු ලැබේ. එනම්;

i. අත්කම් ව්‍යාපෘතිය

ii. ගෙවතු වගා ව්‍යාපෘතිය

iii. පිසූ ආහාර ව්‍යාපෘතිය (රස බොජුන්)

මෙම වැඩසටහන් වලින් උපයන ආදායම වැඩැහිටියන්ගේ විනෝදාංශ සඳහා සහ වාර්ෂික වන්දනා චාරිකාවන් සඳහා යොදා ගනු ලැබේ.

ගැහැණු දරුවන්ගේ විශ්වවිද්‍යාල නවාතැන් පහසුකම් සඳහා යොදා ගැනීම

දුර බැහැර පළාත් වලින් විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලබන කාන්තා සිසුන් සඳහා ඉතා අඩු සාධාරණ මුදලකට නවාතැන් පහසුකම් සැපයේ. ඒ තුලින් මෙම යුවතියන් හට නාගරික පරිසරයට අනුගත වීමට අවශ්‍ය වටපිටාව සපයා දෙනු ලැබේ

පරාක්‍රම ළමා සුරැකුම් මධ්‍යස්ථානය

මෙම මධ්‍යස්ථානය ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මහතා සහ එම ආර්යාව විසින් පරිත්‍යාග කරනු ලැබූ විශාල භූමියක ගොඩනගා ඇත. වයස අවුරුදු 5-16 අතර පිරිමි ළමුන් 30 දෙනෙක් මෙහි නවාතැන් ගෙන සිටිති. ඔවුහු අසල ඇති රජයේ පාසැල් වල ඉගෙනුම ලබති. මේ දරුවන් අප වෙත එවනු ලබන්නේ ඒ අය අනාථ (දෙමාපියන් නොමැති) නිසා හෝ ඉතා දිළිඳු දෙමාපියන්ගේ දරුවන් වන නිසාය. ඔවුන්ට අවශ්‍ය දේවල් සැපයීමට දෙමාපියන් අපොහොසත් වීම මෙයට හේතුවයි.

මෙම පළාතේ පදිංචි පරිත්‍යාගශීලීහු මුදලින්, ආහාරපාන වලින් සහ වියළි සළාක වලින් ආධාර කරති. ඉතා කරුණාවන්ත පරිත්‍යාග ශීලියෙක් වන බොබ් කුන්ඩන්මාල් මහතා (Mr. Bob Kundanmal) මහතා මෙම දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් ගැන සොයා බලා ඒ සඳහා ආධාර කරයි. මෙහි වෙසෙන දරුවන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවයන් සඳහා ඕස්ට්‍රේල්යාවේ ළමා ආධාර ආයතනයක් වියදම් දරයි.

මෙහි නිවැසි දරුවන් හට විවිධ බාහිර (අධ්‍යාපන) කටයුතු හා ක්‍රියාකාරකම් වල යෙදීමට අනුබල දෙනු ලැබේ. ඊට අමතරව මූලික පරිගණක තාක්ෂණ දැනුමක් හා පුහුණුවක් ලබා දෙනු ලැබේ.

මෙම කටයුතු වල යෙදීම සඳහා අවශ්‍ය ශාලාවක් ගොඩනගා පරිත්‍යාග කරන ලද්දේ ස්විට්සර්ලන්තයේ සරමන්දා සංවිධානය (Saramanda Association) මගින් 2005 වසරේ ජූලි මාසයේදීය.

අපගේ ප්‍රධාන අරමුණ වන්නේ මේ පිරිමි දරුවන් ලබන පුහුණුව අනුව සුදුසු රැකියා අවස්ථා වලට යොමු කිරිමයි. ඒ මගින් ඔවුන් වගකිවයුතු පුරවැසියන් පිරිසක් බවට පත් කිරීම අපේ ඒකායන බලාපොරොත්තුවයි.

ස්නේහා ළමා සංවර්ධන මධ්‍යස්ථානය

මෙම මධ්‍යස්ථානය 1971 නොවැම්බර් මස 25 වන දින ස්නේහලතා අමරසිංහ මැතිනිය විසින් ආරම්භ කරන ලදී. අනාථ දරුවන් 25 දෙනෙකුගෙන් මෙම මධ්‍යස්ථානය අරඹන ලදී. අලුත උපන් බිළිඳුන්ගේ පටන් වයස අවුරුදු 5 දක්වා වූ දරුවන් 25 දෙනෙකු මෙයට ඇතුලත් වූහ. ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු අධ්‍යාපන කටයුතු ගැන සොයා බලන අතර ඔවුන් සඳහා වූ ක්‍රීඩා භූමියක් හා පෙර පාසැල් මධ්‍යස්ථානයක්ද මෙයට ඇතුලත් වේ.

මේ දරුවන් ඉතා ආශාවෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් හමුවීමට පැමිණෙන අමුත්තන් පිළිගැනීමටය. එසේ පැමිණෙන අය ඔවුන් හට කෑම වර්ග සහ ඔවුන් ප්‍රිය කරන දේවල් රැගෙන එති. ඇතැම් දෙමාපියෝ සිය දරුවන්ගේ උපන් දිනය සැමරීමට මෙම මධ්‍යස්ථානය තෝරා ගනිති.

2004 වසරේදී එයිලීන් විජේරත්න මැතිනිය විසින් පිරිනමන ලද ආධාර මුදලින් කුඩා දරුවන් සඳහා වූ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ගොඩනගන ලදී. එයිලීන් විජේරත්න මැතිනිය මුදල් ගෙවනු ලබන නේවාසිකාගාරයක රැදී සිටි කාන්තාවකි. මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය චඩාත් උපකාර වන්නේ අසල්වැසි කාන්තාවන් රැකියාව සඳහා යන විට ඔවුන්ගේ කුඩා දරුවන් ආරක්ෂා සහිතව සිටින බව ඔවුන් දන්නා නිසාය.

මුදල් අයකරනු ලබන නිවාස
සෙත් මැදුර සහ සෙත් සෙවන

සාම්ප්‍රදායානුකූල පවුල් සංස්ථාව බිද වැටීම නිසා සහ සිය දරුවන් විදේශ ගත වීම නිසා වියපත් කාන්තාවන් සඳහා නවාතැන් මධ්‍යස්ථාන වැඩිවැඩියෙන් අවශ්‍ය වී ඇත. එම නිසා මල්ලිකා නිවාස සමිතිය මගින් නිවාස 3 ක් පිහිටුවන ලදී. ඒවා නම්,

1. සෙත් මැදුර

2. සෙත් සෙවන I

3. සෙත් සෙවන II

මේවා යම්කිසි ගෙවීමක් කළ හැකි අය වෙනුවෙන් පිහිටුවා ඇත. වයස් ගත කාන්තාවන් හට අවශ්‍ය සුව පහසුකම් හා සත්කාරක සේවා ලබාදී ඔවුන් සුවෙන් සතුටින් තැබීම මෙම නිවාස වල අරමුණ වේ

අපේ සාමාජිකාවන්
විධයක කමිටුව
නිළධාරී මඩුල්ල

ගරු සභාපති: දමයන්ති ද අල්විස් ප්‍රනාන්දු මහත්මිය
ගරු නියෝජය සභාපති: ශ්‍රියානි හේවාවසන් මහත්මිය
උප සභාපති: චිත්‍රා මනුකුලසූරිය මහත්මිය
උප සභාපති: චන්ද්‍රා ද සිල්වා මහත්මිය
ගරු ලේකම්: මානෙල් සමරසිංහ මහත්මිය
උප ලේකම්: නිලන්දනී සිල්වා මහත්මිය
ගරු භාණ්ඩාගාරික: ත්‍යාගි ගුණවර්ධන මහත්මිය
උප භාණ්ඩාගාරික: අරුණී සෙනෙවිරත්න මහත්මිය

කම්ටු සාමාජිකාවන්
  • ඉන්ද්‍රානි මුණසිංහ මහත්මිය
  • පෝලීන් සිල්පදාස මහත්මිය
  • චිත්‍රා හේවාවිතාරණ මහත්මිය
  • මාලා වීරසේකර මහත්මිය
  • රෝහිණී අබේසේකර මහත්මිය
  • කාමිනී ගුණවර්ධන මහත්මිය
  • ප්‍රේමා වීරසිංහ මහත්මිය
  • සුරංගනී ද සිල්වා මහත්මිය
  • ලාලිනී හේවාවිතාරණ මහත්මිය
  • දුෂානි ජසෙන්තුලියන මහත්මිය
  • හර්ෂිනී සමරජීව මහත්මිය
  • සරෝජා සමරවික්‍රම මහත්මිය
  • දේවිකා වෛද්‍යරත්න මහත්මිය
  • ජයනි පින්නවෙල මහත්මිය
  • ලක්ෂ්මි පෙරේරා මහත්මිය
  • දයා පියදාස මහත්මිය
  • සාවිත්‍රි පීරිස් මහත්මිය
  • චන්ද්‍රලතා පට්ටිආරච්චි මහත්මිය
  • ප්‍රියදර්ශනී රාජපක්ෂ මහත්මිය
  • කුසුම් ප්‍රනාන්දු මහත්මිය
  • ශ්‍රියා වික්‍රමසිංහ මහත්මිය
  • දන්තිකා කරුණාරත්න මහත්මිය
  • ලංකා නානායක්කාර මහත්මිය
  • ලිලන්තිනී අඟුනවෙල මහත්මිය
  • චින්තිකා අබේසිංහ මහත්මිය
  • සරෝජිනී දුනුවිල මහත්මිය
  • ගීතාද ෆොන්සේකා මහත්මිය
භාරකාර මණ්ඩලය

• ඩී.එල්. ලියනසූරිය මහතා
• සිංහ රත්නතුංග මහතා
• අජිත් ජයරත්න මහතා

උපදේශක මණ්ඩලය

• මනෝලි ජිනදාස මහත්මිය
• වෝල්ටර් ලද්දුවහෙට්ටි මහතා
• සුමනා ප්‍රනාන්දු මහත්මිය
• කනිශ්ක වීරසිංහ මහතා
• ධම්මික ආටිගල මහතා

යාවජීව සාමාජිකත්වය ලබා ගැනීම

අප කාර්යාලයේ තිබෙන අයදුම්පත මගින් මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. එම අයදුම්පත සමීතියේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් යෝජනා කර ස්ථීර කළ යුතුය. යාවජීව සාමාජික ගාස්තුව රු.1,000/- කි.