පවුල සහ ප‍්‍රතිලාභීන්

අනගාරික ධර්මපාලයන්ගේ බාලම සොහොයුරා

චාර්ල්ස් අල්විස් හේවාවිතාරණ

(1876 සිට – 1929 දක්වා)

චාර්ල්ස් අනගාරික ධර්මපාලයන්ගේ බාලම සොහොයුරාය. ඔහු විද්වතෙකු දානපතියෙකු කර්මාන්තකරුවෙකු සහ නිදහස් සටන්කාමියෙකු විය. ලංකා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ශාස්ත‍්‍රය හැදෑරූ ඔහු ලංකා වෛද්‍ය සේවයට බැඳුනි.

ඔහු එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ LRCP(ලන්ඩන්) FRCS උපාධීන් ලබා ගත් අතර විවිධ විෂයන්වල නිපුණත්වය සඳහා සම්මාන දිනා ගත්තේය. ඔහු විශ්වවිද්‍යාලයේ ලංකා කවුන්සලයේ සාමාජිකයෙකු ද විය. ඔහු අනුස්මරණය කිරීම පිණිස සෑම අවුරුද්දක් පාසාම තමා උගෙන ගත් රාජකීය විද්‍යාලයේද (එවකට කොළඹ ඇකඩමිය වශයෙන් හැඳින්වූ* භෞතික විද්‍යාව සහ සංස්කෘත භාෂාව වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේද භෞතික විද්‍යාව වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේද අනුස්මරණ කුසලතා ත්‍යාග පිරිනැමීම සිදු කෙරේ. ඔහුද තම සොහොයුරන් සමග බෞද්ධ පුනර්ජීවන කටයුතුවල යෙදුන අතර ඔහුගේ මව් පාර්ශවයේ සීයා විසින් ප‍්‍රදානය කරන ලද විද්‍යෝදය ප‍්‍රාචීන විද්‍යාලයේ භාරකරුවෙකු ද විය. 1915 කැරැ ල්ල අවධියේදී ඔහුව අත් අඩංගුවට ගන්නා ලදී. ඔහු සමග ඔහුගේ සොහොයුරු එඞ්මන්ඞ් ද ඞී.එස්. සේනානායක සහ ඞී.ආර්. විජේවර්ධන ද විය. පසුව ඔවුන් නිදහස් කරන ලදී. ඔහුගේ සොහොයුරා වූ එඞ්මන්ඞ් සිරගෙදර මියයාමෙන් අනතුරුව තම පවුලේ ව්‍යාපාරය වූ එච්.දොන් කරෝලිස් සහ පුත‍්‍ර සමාගම ඉදිරියට ගෙන යාමේ බරකරටගෙන නැවත නගා සිටුවීමට දායක විය. රටේ කාර්මික නවෝදයේ පුරෝගාමියෙකු ද ලෙස ඔහු වත්මන් කොටුව දුම්රිය ස්ථානය ගොඩනැගීමේ කටයුතුවලදී කාර්මාන්තකරුවකු ලෙස සම්බන්ධ විය. මෙම දුම්රිය ස්ථාන 1917 දී නව කොළඹ මධ්‍යම දුම්රිය ස්ථානය ලෙස විවෘත වූ අතර එය එංගලන්තයේ මැන්වෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානයේ හැඩරුව ගත් විශිෂ්ට ගොඩනැගිල්ලක් විය. මෙය ඉදිකරන ලද්දේ බේරේ වැව ආශ‍්‍රිත ඉඩමක් ගොඩකිරීමෙන් පසුවය. 1921 වේල්ස් කුමාරයාගේ ලංකා සංචාරය සහ කාර්මික ප‍්‍රදර්ශනය සංවිධානය කිරීමේ කමිටුවේ ඔහු මූලිකත්වය දැරූ අතර කුමාරයා ප‍්‍රදර්ශන භූමිය තුල කැටුව යාම චාර්ල්ස් හට භාරව තිබුණේය.

img

1915 ඔහුව සිරභාරයට ගත් අවස්ථාවේ චාර්ල්ස් විසින් රචනා කරන ලද මෙම කාව්‍යයෙන් පිළිබිඹු වන්නේ බුදුන් වහන්සේ වෙත ඔහු පෑ අසීමිත භක්තියක් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඔහුගේ සිත නැඹුරු වී තිබූ ආකාරයත්ය.

”ඔබ දෙපා අභියස”

වෛද්‍ය චාර්ල්ස් හේවාවිතාරණ යන්ගෙනි.

”දයානු කම්පිත ඔබ ලේකයාගේ අසංඛ්‍යත නැගිටීම් සහ වැටීම් වෙනස් නොවන උනන්දුවක් තුළින් ඔබ දුටුයෙව්. ඔවුන්ගේ උත්පත්ති පුරාවට මිනිසුන් ආදරයෙන් රකින සත්‍යය සොයා ගැනීමට ඔවුනගේ වෙහෙස මහන්සිය තුළ ඔබ මග පෙන්වූයේය.

එම සත්‍යය සැසඳීය නොහැකි වේදනාව හා හේතුව එහි අවසානය සහ මාර්ගය ක‍්‍රියාශීලී ජීවිතය හා සන්සුන්කම ඔබ පෙන්වා දුන්නේය. එය පිහිටා ඇත්තේ අරි අටගි මාවත අතර මෙවන් තෘෂ්ණාවේ පිපාසයට සිසිලක් බවත් ප‍්‍රීතියට කරුණක් බවත් ඔබ පෙන්වා දුන්නේය.

සත්‍යයේ එකම ගුරුවරයා වන ඔබට මම හිසනමා ආචාර කරමි. මම පහත්කරගත් හිසින් සහ නිහතමානී හදවතින් මාගේ ප‍්‍රීතියේ පූජාවන් ලෙසින් ඔබට ගෙන එන්නෙමි. මහත් මහත්වූ ණනවතානෙනි ක්‍ෂණික ප‍්‍රීතියේ බලාපොරොත්තුව ඉවතට වීසි කළ ඔබට කලින් වූ ඔබේ පූර්වගාමියාව වැඳ වැටුන අප අද ඔබගේ රස වෑහෙන වදන්වලින් තෘප්තිමත් වන්නෙමු.

ජීවිතය නම් වූ ඒ රෝදය පැද යන අපට අපගේ හදවත්වලට අමාවක් වූ එම වදන් මුලින්ම පහළවූයේ කවදා කොතැන්හිද යන්න අප නොදනිමු.

මිත‍්‍රවරුන් මම නිහතමානී වෙමි.

සිරස නමාගෙන මා පාන්නාවූ නමස්කාරයේධී තුන්වරක් එය එකසේ කරමින් ඔබේ පාමුල ඇදහිල්ලෙන් හා විශ්වාසයෙන් මම රැකවරණය පතන්නෙමි.

1929 ඇහැලියගොඩ දුම්රිය හරස් මාර්ගයේදී ඔහුගේ මෝටර් රථය ධාවනය වෙමින් තිබූ දුම්රියක හා ගැටීමෙන් චාර්ල්ස් මිය ගියේය. ලංකාවේ පළමු මෝටර් රථ දුම්රිය අනතුර මෙයයි මෙම අනතුරෙන් පසුව ලංකාවේ දුම්රිය දොරටු සවි කිරීම ඇරඹුණි. ඔහුගේ සහෝදරයාගේ සුනු විසුණු වූ සිරුර දුටු අනගාරික ධර්මපාල ”අනේ මගේ සහෝදරයා මගේ වෛද්‍යවරයා ඔබට මෙසේ සිදුවූයේ මන්දැයි” අසමින් හඬමින් සහ වැලපෙමින් සිටියේය.