ප්‍රතිලාභීන්

නීල්කමාල් මුකර්ජි

නීල්කමාල් මුකර්ජි

අනගාරික ධර්‍මපාලතුමා ප්‍රථම වරට කල්කටා නගරයට ගිය අවස්ථාවේ ඔහුව ආදරයෙන් පිළිගෙන නවාතැන් ඇතුළු සියලු පහසුකම් සපයනු ලැබුවේ මුකර්ජි පවුලේ සාමාජිකයින් විසිනි. නීල්කමාල් මුකර්ජි පවුල ඉන්දියාවේ කල්කටා නුවර ධනවත් පවුලකි. ධර්‍මපාලතුමා බුද්ධගයාවට යන අතරමග මුකර්ජි පවුලේ සාමාජිකයින් සමග නතර වී ධර්මරාජික විහාරය ගොඩනැගීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේය. මෙම විහාරය ඉන්දියානු මහාබෝධි සංගමයේ ප්‍රධාන කාර්යාලය ලෙසද සලකනු ලැබීය. එතැන් පටන් මුකර්ජි පවුල අනගාරික ධර්‍මපාලතුමාගේ සහ ඉන්දියානු මහාබෝධි සංගමයේ යාවජීව මිතුරන් බවට පත් වූහ.

img