අනගාරික ධර්මපාලයන්ගේ ජීවිතය

(1864 සැප්තැම්බර් 17 සිට 1933 අපේ‍්‍රල් 29 දින දක්වා)

ඌරුමය

අනගාරික ධර්මපාලයන්ගේ ජීවිතය සමාජ ක‍්‍රියාකරුවකු ධර්මදානයෙකු නිදහස් සටන් කාමියෙකු සමාජ ප‍්‍රතිසංස්කරණයෙකු අනගාරික වූවකු යනාදී වශයෙන් අතිවිශිෂ්ටත්වයේ ලා සැලකේ.

යටත් විජිත බලවතුන් සහ ඔවුන්ගේ සමාජ ආගමික අදහස් ලෝකය පුරා ආධිපත්‍යය දැරූ වකවානුවක මින් පෙර කවරදාකවත් වෑයම් කළ නොයූ අයුරෙන් බුදු වදන බටහිර රටවල ව්‍යාප්ත කිරීමට ඔහුට හැකිවිය.

ඔහු විසින් එම අවදියේ යටත් විජිතවාදීන් විසින් භාවිතා කරන ලද ඔවුනගේ ව්‍යවහාරයන් සහ ඔවුනගේ රාමුව තුළින්ම මහජනයා තුළ බෞද්ධ විඥානය ජනිත කළේය. මෙම නගා සිටුවීම ඔහුගේ කාලයේම වටා පිටාව තුළ සිදුවිය යුතු බව ඔහුට ඒත්තු ගොස් තිබූ අතර ඒ සඳහා පාලකයින් විසින්ම පරිහරණය කළ ක‍්‍රමෝපායන් ඔහු විසින් භාවිතයට ගන්නා ලදී. කර්නල් ඔල්කොට් තුමන් සමගින් ඔහු ක‍්‍රිස්තියානි ඉරිදා පාසල් තිබූ සමයේ බෞද්ධ ඉරිදා පාසල් ආරම්භ කළේය. ක‍්‍රිස්තියානි මිෂනාරීන් විසින් ආරම්භ කරන ලද ක‍්‍රිස්තියානි ඉරිදා පාසලවලට තත්ත්වයන්ටම අනුව යමින් ඔහු බෞද්ධ ඉරුදින පාසල් පවත්වාගෙන යාමට පුරෝගාමී විය. හෙළ ඇඳුමෙන් සැරසීමටත් හෙළ සිරිත් විරිත් අනුගමනය කිරීමටත් ලජ්ජා වූ ස්වදේශිකයන් එම මානසිකත්වයෙන් බැහැර වීමට ආයාචනය කළේය. ඊටත් වඩා වැදගත් වනුයේ බෞද්ධයින් වශයෙන් ස්වකීය වටිනාකම හඳුනන අය අතර ස්වයං විඥානයක් ඇති කරමින් බෞද්ධ ඉගැන්වීම්වල ඇති සුවිශේෂත්වය ඔවුනට වටහා දීමය

img

ගෝලී දෘෂ්ටි කෝණයකින් බැලිය හැකි ජාත්‍යන්තරවාදියා වශයෙන් බෞද්ධ ලෝක ප‍්‍රජාව තුළ දර්ශනයක් ඇරඹීම සඳහා ඔහු විසින් මහ බෝධි සංගමය පිහිටුවන ලදී.

ප‍්‍රථමයෙන්ම ආරම්භ කරන ලද බෞද්ධ නියෝජනයේ පතාකයක් බවට මෙම සංවිධානය පත් වුණ අතර විවිධ මහාද්වීප වල බෞද්ධයන් ඒකරාශී කිරීමේ එක්සත් ධජයක් බවට පත්විය.

සංචරණය දුෂ්කර වූ අවධියක ඔහු විසින් ශාරීරික පීඩා සහ අනෙකුත් බාධා මැද විහිදී ගමන් කරමින් තම දර්ශනය සහ පණිවුඩය පතුරුවමින් එකල අමෙරිකාවේ සහ යුරෝපයේ ප‍්‍රධාන ආයතන වෙත ප‍්‍රවිෂ්ඨ වෙමින් ඒවායේ නවතම අදහස් පරිශීලනය කිරීමට මහත් උත්සාහයක් දැරීය. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් එකල ප‍්‍රධාන චින්තකයින් සහ ක‍්‍රියාකාරීන් හමුවී එකිනෙකා අතර ක‍්‍රියා පටිපාටියක් ගොඩ නගා ගැනීමට වෙහෙස විය.

ඒ අතරින් ඉන්දියාවේ ස්වාමි විවේකානන්ද තාගෝර් සහ ගාන්ධිතුමාද රැන්ගුන් සියම සහ ජපානයේ ‘රාජකීයන් සහ අවශේෂ නායකයින්ද, එංගලන්තයේ එකල විද්වතුන්ව සිටි රිෂ් ඬේවිස්, එඞ්මින් ආර් නල්ඩි සාමිවරයා අමෙරිකාවේ චිකාගෝ නුවර විශ්වවිද්‍යාලයේ පුරෝගාමී ප‍්‍රධානියා වූ අධ්‍යාපනඥයෙකු වූ විලියම් රේනි හානර් ද වූහ.

ශ‍්‍රී ලංකාවේ සහ මුළු මහත් ලෝකයේ අනාගත පරම්පරාවන් සඳහා අනගාරික ධර්මපාලයන් දායාද කර ඇති උරුමය ඔහු විසින් ක‍්‍රියාවට නැංවූ භාරය සහ එහි වස්තුබීජය මගින් ඔහුගේ නාමය දරන පූර්ණ කාලීන කෘතීන්වලින් වඩාත් පැහැදිලි වනු ඇත.

අනගාරික ධර්මපාලයන් දුටු ලෝකය වූයේ බුදු දහම පිළිබඳව පුළුල් දැනුම ලද පුනරුත්ථාන වූ අය ලෙස කටයුතු කරමින් අඩු වරප‍්‍රසාදිත පුද්ගලයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මනා සෞඛ්‍ය රක්‍ෂණය අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම තුළින් මෙම ¥ත මෙහෙවර සඳහා වඩාත් කැපවුණ අයවළුන්ගෙන් සමන්විත වීමය.

අනාගත පරපුර සඳහා දායාද කළ අනගාරික ධර්මපාලයන්ගේ උරුමය වනාහී මෙයයි.

තාක්‍ෂණය සන්නිවේදනය සෞඛ්‍ය සත්කාරය සහ නිෂ්පාදනය යන අංශවල නවතම නවෝත්පාදන පිළිබඳව ඉතා ඉක්මනින්ම තේරුම් ගැනීමේ හැකියාව ඔහු තුළ සහජයෙන්ම පිහිටා තිබුණි.

ප‍්‍රකාශණයන් සහ පරිවර්තනයන් භාවිතා කිරීම අධ්‍යාපනය සහ වඩාත්ම වැදගත් වන සමාජ අතර සහ සමාජ තුළ සංවාදයන් ගොඩනැගීම තම ¥ත කාර්යය සඳහා මනා පිටුවහලක් වන බව ඔහුට මැනවින් ප‍්‍රත්‍යක්‍ෂව තිබුණි

අනගාරික ධර්මපාල යන්ගේ බහුවිධ ස්වභාවයන් හේතු කොටගෙන බහු විධ අදහස් එළිදුටු අතර ඒ මගින් ඔහුගේ දැක්ම විකෘති කිරීමට සමකාලීන සමාජයට ඉඩකඩ ලැබුණ අතර සහ ඔහුගේ ව්‍යක්කතම සන්දර්භයෙන් ඉවතට ගැනීමට ඔවුන් ප‍්‍රාථමික ප‍්‍රභවයන්ට එරෙහිව ස්ථාපනය නොකරන ලද මති මතාන්තර පළකරන ලදී.

අනගාරික ධර්මපාලයන්ගේ දේශනයන් සහ ඔහු ලියන ලද ලියවිලි වෙත ඇ`ගිලි දිගුකරමින් ඒවා මගින් ජාතිවාදය, ජනවාර්ගික ප‍්‍රචණ්ඩත්වය සහ දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් සඳහා පෙනී සිටින බෞද්ධ පැවිදි අය සහ බෙදුම්වාදී ජාතික වාදය පතුරුවන අයට උඩ ගෙඩි දීමක් බවට මත ප‍්‍රකාශ කරනලදී ඔවුන් පෙර නියමයෙන් හෝ අනිසි අරමුණෙන් කටයුතු කිරීම හේතුවෙන් වඩා වැදගත් දෙය පසෙකලා කටයුතු කර ඇත.