පවුල සහ ප‍්‍රතිලාභීන්

අනගාරික ධර්මපාලයන්ගේ දෙවන බාල සොහොයුරා

සයිමන් ඇලෙස්සැන්ඩර් හේවාවිතාරණ

(1875 සිට - 1913 දක්වා)

අනගාරික ධර්මපාලයන්ගේ දෙවන බාල සොහොයුරා වූ සයිමන් තම තරුණ අවධියේ සිටම බෞද්ධ ඥාන සම්භාරය පිළිබඳව හෘදයාංගම ඇල්මක් තිබූ කලාකාමී වහා හැ`ගීම් ඇතිවන ස්වභාවයක් තිබූ කලාකාමී ඉතාම සංවේදී පුද්ගලයෙක් විය. රාජකීය විද්‍යාලයේ (එවකට කොළඹ ඇකඩමිය* අධ්‍යාපන කටයුතු කළ කාලයේදී ඔහු චිත‍්‍ර කලාවට විශිෂ්ඨත්වයක් දැක්වූ අතර ජාතික චිත‍්‍ර තර`ගයකදී ප‍්‍රථම ස්ථානය හිමි කරගත්තේය. කෘෂිකර්මය පිළිබඳව ඔහුගේ උනන්දුව නිසා එම ක්‍ෂේත‍්‍රයේ වැඩිදුර අධ්‍යාපනය එංගලන්තයේදී ලබා ගත්තේ ලංකාවේ වරප‍්‍රසාද අහිමි ජනයාගේ ආර්ථික පුනර්ජීවනය ඇති කිරීමට නවතම කෘෂි තාක්‍ෂණ ක‍්‍රම හඳුන්වාදීමටය. සියලූම ප‍්‍රමුඛ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයන්හි හා සංගමයන්හි ක‍්‍රියාකාරී සාමාජිකයකු වූ අතර ඒවායින් බොහෝමයක්ම තම සහෝදරයා වූ අනගාරිකතුමන්ගේ මූලිකත්වය දරන්නා වූද සිය පියාණන් සහ අනෙකුත් සහෝදරයන්ද සම්බන්ධ වී ක‍්‍රියාකරණ ඒවා විය. මේවා අතර කොළඹ අමද්‍යප ව්‍යාපාරය, මහබෝධි සංගමය, තරුණ බෞද්ධ සංගමය, විද්‍යාදර සභාව සහ පරම විඥානාර්ථ සංගමය ද විය. ත‍්‍රිපිටකය (බෞද්ධ ග‍්‍රන්ථවල ත‍්‍රිත්වය* පරිවර්තනය කොට ප‍්‍රකාශනය කිරීම ඔහු විසින් අරඹන ලද අතර ඔහුගේ ශරීර සුවය බෙහෙවින් පිරිහීම හේතුවෙන් කාණ්ඩ 49කින් සමන්විත වූ එම ප‍්‍රකාශණ කටයුත්ත සකස් කිරීම සහ මුද්‍රණය කිරීම කළ නොහැකි විය. තම ජීවිතය කෙමෙන් කෙමෙන් පිරිහෙමින් පවතින බව අවබෝධ කරගත් සයිමන් ලෝකයේ බෞද්ධ ඤාණය පුනර්ජීවනය කිරීමට තමා තුළ ඇති කැපකිරීම සහ උනන්දුව විද්‍යාමාන වන පරිදි අන්තිම කැමති පත‍්‍රය ලියා තැබීය.

img

සයිමන්ගේ අවමංගල්‍යය සිදු කරන ලද අවස්ථාවේ අනගාරික ධර්මපාලයන් අනුශාසනාවක් කරමින් සයිමන්ගේ මෙම අන්තිම කැමති පත‍්‍රය රැස්වූ පිරිසට කියවන ලදී. ත‍්‍රිපිටකය මහජනතාවටත් පන්සල්වලටත් ලබාදීමට ද බෞද්ධ භික්‍ෂූන් වෙනුවෙන් ආවාස ගොඩනැගීමටත් පුණ්‍ය කටයුතු සහ දහම් දැනුම ඇති කිරීමට ඔහුගේ සියලූ ධනය පවරා දී තිබුණි. පාලියෙන් සකස් වූ විනය නීති පද්ධතිය සිංහලයට හැරවීම අපිරිමෙය සේවයක් බව නූතන උගතුන්ගේ මතයයි. ඔහුගේ මෙම අන්තිම කැමති පත‍්‍රය ක‍්‍රියාවට නැංවීම ඔහුගේ සහෝදරයා වූ චාර්ලිස් මස්සිනා වූ ජේකබ් මුණසිංහ සහ බෑණා වූ කුමාරදාස මුණසිංහට පැවරුණි. මේ තිදෙනාම විද්‍යෝදය පිරිවෙණෙහි භාරකාර මණ්ඩලයේ අය වූහ. ඔවුහු පාලි විවරණ සිංහලට හැරවීමේ කටයුතුවල මූලිකත්වය දැරූහ. පරමත්තදීපනී නොහොත් පේ‍්‍රතවස්තු විවරනය සිරි ධර්මාරාම තිස්ස නායක හිමියන් සහ විද්‍යෝදය විද්‍යාලයේ සහයක විදුහල්පති වූ මාපලගම චන්දජෝති හිමියන්ද විසින් සංස්කරණය ලදුව මෙයට ඇතුළත් වූ අතර පානදුර විසුද්දි මග සිරි සද්ධර්මෝදය පිරිවෙන් උප විදුහල්පති පමුණුවේ බුද්ධදන්ත හිමියන් විසින් සංස්කරණය කරන ලදුව මේ ග‍්‍රන්ථ ප‍්‍රථම වරට මුද්‍රණය වී පරිහරණයට ලැබුණි.

ඔහුගේ මරණින් පසු වැන්දඹුව වූ සෝමාවතී හේවාවිතාරණ 1982 සිදුවූ ඇයගේ අභාවයට පෙර සෝමාවතී හේවාවිතාරණ භාරය ආරම්භ කරමින් තම සැමියාගේ අන්තිම කැමති පත‍්‍රයේ කටයුතු තවදුරටත් කරගෙන යාමට කටයුතු සලසන ලදී. සයිමන් හේවාවිතාරණ භාරය සහ සෝමා හේවාවිතාරණ භාරය ඔවුන්ගේ දර්ශනයන් තව දුරටත් අණලස ලෙස ඉදිරියට නොකඩවා ක‍්‍රියාත්මකය.